Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers

|
|


මැණික් ෆාම් කඳවුරේ හූල්ලන දෑස් - [නෑදෑයෝ - මහේෂ් මුණසිංහ]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සමර විජේසිංහගේ සේදී ගිය පාට කෙටිකතා සංග්‍රහය සමග එක කවිය සියවරක් කෙටි කවි සංග්‍රහය එළි දැක්වීමේ උළෙල මැයි 29 දා ප.ව. 3.00 - 6.00ට කොළඹ 7 ඇල්බර්ට් චන්ද්‍රවංකයේ,සෞන්දර්ය විශ්ව විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වෙයි.
ආරාධිත දේශන ආචාර්ය සමන්ත හේරත් සමග පියල් කාරියවසම්ගෙනි. මේ කෘති විශද ප්‍රකාශන ලෙස එළි දැක්වෙයිි. උළෙල පිළිබඳ විමසීම් - කෝසල තොටවත්ත 077 7532405.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


.......ක්ලැරන්ස්ගෙන් පටන් අරන් ජිප්සීස්ලාගෙන් ඉවර වෙන තවත් ධාරාවක් තියනවා. ඔවුන් වෙනම ප්‍රසාංගික කලාවක් ඔස්සේ ජනප්‍රිය වෙනවා. ඊට පස්සෙ ජය ශ්‍රී සහ ඩැඩී යන සංගීත කණ්ඩායම් එය ලබා ගන්නවා. ජනප්‍රිය කිව්ව්වහම ඒකේ පොලිටික්ස් කියලා කිව්වේ සමස්ත මානවයා ගැන, අපි අපි ගැන, හැඟීමක්, විශ්වාසයක් ගරුත්වයක් හැදෙන්න ඕන. ඒකයි ලංකාවෙත් වෙනත් රටවලත් තියන වෙනස. අපේ ප්‍රභූ කලාවෙත් පොලිටික්ස් නැතුව, ජනප්‍රිය කලාවේ කොහෙවත් පොලිටික්ස් තියෙන්න විදිහක් නෑ.......


මොහොමඩ් ඉල්හාම් විදැස වෙනුවෙන් නදීක ගුරුගේ සමග කළ කතාබහ.

(උපුටනය- විදැස මංගල කලාපයෙන්)

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

වෙඩිල්ලක භූමිකාව

මම මිතුරකු සමග වාදයක පැටළුනෙමි. මගේ අවසන් වදන් තියුණු විය.

මම නිවැරදි වෙමි. ජීවිතයට තේරුමක් නොමැති සේම දෙවියන් ද නොපවතී. එය ඔප්පු කිරීමට තුවක්කුව ගෙන හිසට තබාගත් මම එය කොකා ගැස්සුවෙමි. මගේ සිහිය බිඳ හෙළිණ.

එනමුත් දැනගැනීමට රිසි කිසිවක් තවමත් මට බාධා කරයි.

මා නිවැරදි වූයේ නම් මා මෙය ලියනුයේ කෙලෙස ද ?

පරිවර්තනය - එරංගා පෙරේරා
"Parting Shot" [A VVS] By M. Stanley Bubien

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ඔබට කිසිදා
මේ හිස් බව
බාල්දියකට වතුර පුරවන්නාක් මෙන්
පරාජය කළ නොහැක.
නමුත් ඔබ එය අර්ථ දක්වනු ඇත.

අහස දෙස බලන්න
එය විහඟුන්ගෙන් හිස්ය
පොළොව දෙස බලන්න
එහි ගර්භය පණුවන්ගෙන් හිස්ය.

ඩා දිය පෙරා ගෙන
රේල් පාරේ ඇවිද යාමට පෙර
බෑගය කුණු බක්කියකට හිස් කරන්න
යන්නේ කොතැනටද?
පැමිණි තැනටමය..
පැමිණියේ කොහි සිටද?
හිස් බව තුළිනි.

බියෙන් හැකිළී
අඳුරු මුල්ලක සැඟවුණ
ළමාවෙකු එළියට ඇද
නෑ සියන් මැද
උත්සවාකාරයෙන්
කෝටු මස් කරන්න.
ඔහුගේ ආත්මය
බියකරු පිල්ලියක් වී
ඔබගේ පූජාසනයන්
හිස්කර දමනු ඇත.

රුධිරය ඉවතට ඇද
හදවත හිස් කර දමන්න.
ඔබට සිය දිවි නසා ගනීමට
බල කෙරෙනු ඇත.

යටත්වීමට බල කෙරුණු
ගරිල්ලෙකුගේ දෑස
ඔහුගේ පතොරම් බෑගය
මෙන්ම හිස්ය.
ඔබ එයට අකැමැතිය.
නමුත් කිසිවක් නොකරනු ඇත.

අත්හැර දමනු
ලැබූ පේ‍්‍රමයේ මුඩු බිම්
ලාබෙට වෙන්දේසි කරනු ඇත.
එහෙත් ඔබගේ පසුම්බිය හිස්ය.
ලිපිගොනු තුළද
කොන්දේසි හැරෙන්නට
කිසිවක්ම නැත.

මහා සෙනඟක් මැද වුව
එකම එක මුහුණක් සඳහා
හිස් තැනක් තිබිය හැකිය.
එහෙත් කිසිවෙකුත්
එය නොදකිනු ඇත.

අතට අසුවන සැම දෙයකින්ම
ඔබගේ නිවස පුරවන්න
හැර දැමූ කවුළුවකින්
එතුළ බලන විට
හිස් බව දකිනු ඇත.

මොළය මිරිකා
මතකයන් ගලා යාමට ඉඩ හරින්න
කිසිවෙකු ඈත බස් නැවතුමක
ඔබ එනතුරු බලා සිටින බව
සිහිපත් වනු ඇත.

තවත් එක වතාවක්
එම අංකයම අමතන්න.
ඔබ ඇමතූ දුරකතනයෙන්
ප‍්‍රතිචාරයක් නොමැති බව
කාරුණිකව පහදා දෙනු ඇත.

මේ හිස් බව සදාකාලිකය
අපරාජිතය.
බස් නැවතුමක රාත‍්‍රිය මෙනි…..
ඔබ එහි පැමිණි විටෙකදී
නොහඳුනන මරණ දැන්වීමක් මත
පෝස්ටරයක් අලවන්න

මගේ මිනී පෙට්ටිය මතට
පස් වැටෙන බොල්හඬ
ඇසෙන තෙක්
මාද ඔබ තුල වූ බව
ඔබ වටහා නොගනු ඇත.

කවි දහසක්
ලියූ පසුව
තවත් එක් කවියක් ලියන්න
එහි ලියැවෙනු ඇත්තේ
මේ හිස් බව ගැනය.
කරුණාකර
එය අර්ථ දැක්වීමෙන්
වළකින්න.

අජිත් සී හේරත්--2002

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හත් පෙති මල - පින්තූර සමග

සෝවියට් ළමා කතන්දර වෙනුවෙන් අපට බොහෝ ප්‍රතිචාර ලැබුනා. ඒ අතර, හත් පෙති මලේ කතාව වෙනුවෙන්, එම මුල් කෘතියේ අඩංගු වූ අපූරු පින්තූර එකතු කොට තිළිණ ගුණතිලක නිමවූ PDF‍ ගොනුව ඔබ සමග ඛෙදා ගන්නේ මහත් සතුටින්. මේ කතන්දර වල වෙන් කළ නොහැකි අංගයක් වූ මේ පින්තූර ඔබේ සොඳුරු මතකයන් අවදි කරනු නිසැකය. මේ තිළිණය වෙනුවෙන් තිළිණට මල් මිටක් දිගු කරන්නේ එහෙයින්.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ආලවක නරක නෑ

[වසන්ත දුක්ගන්නාරාළගේ ආලවක නරක නෑ කෙටි කතා සංග‍්‍රහයේ එන එනමින් යුත් කෙටි කතාව.]

දර්ශන අංක 01
(දිවා /පිටත/ ග‍්‍රාමීය පොලීසියක් ඉදිරිපස)
මුදලාලි සිය ගෝලයන් හතර දෙනෙකු සමග පොලීසියෙන් එළියට පැමිණෙති. මුදලාලි සිටින්නේ කේන්තියෙනි. අනෙක් උන් බියෙන් සිටී.
මුදලාලි:
තොපි නං මහ කාළකණ්ණි ජාතියක් බොලව්. බලපල්ල හරකෙක් හොරකං කරගෙන ගමෙන් පිටකර ගන්න තේරෙන්නෙ නැති මී හරක්. උඹලට දුන්නු ඇප සල්ලි වලින් කසිප්පු ගෝඩ කීයක් දාන්න තිබ්බ ද ? නෙදකිං උඹල
හතර දෙනාම බිම බලාගෙන සිටිති.
හ්ම් පලයල්ලා ගිහිං වැඩ පටං ගනිල්ල. පෝයදාට උත්සවෙට සෙනග එයි. ටිකක් වැඩිපුර ගෝඩ දාන්න වෙයි. මං යනවා පන්සලට. දායක සභාවෙ රුස්වීම තියෙනවා.
දර්ශන අංක 02
(දිවා /පිටත /පන්සල් වත්ත)
ලොකු හාමුදුරුවෝ පැමිණ බුලත් කෙළ පාරක් ගසා අසල ගල් බැම්ම මත වාඩි වෙයි. මුදලාලිත් සේතුත් සිටගෙන සිටී.
හාමුදුරුවෝ:
මුදලාලිටනේ ඔය අත්දැකීම් තියෙන්නේ. අවුරුද්දක් පාසා පොසොන් පෝයට තොරණ ගහන්නේ මුදලාලිනේ. ඒකයි දායක සභාව තීරණය කලේ වැඩෙ මුදලාලිට බාරදෙන්න

මුදලාලි:
එහෙයි අපෙ හාමුදුරුවනේ. මං වැඩෙ කරනවා ගානට. හේතු තමයි හැමදාම තොරන් ඇන්දෙ. ඌ වැඩෙට පන්කාදු එකා.

හේතු:
එහෙමයි අපෙ හාමුදුරුවනේ. තොරන් රස්සාවට මට දැං අවුරුදු 20 වෙච්චි. ආලවක ඇඳල දෙන්නං ගිනි රස්නෙට.

හාමුදුරුවො:
තථාගත බුදුරජාණන් වහන්සේ පර්වත මස්ථකයේ වැඩ හිඳ ආලවක යක්ෂයාගෙ මුව තුළට පැන්න දර්ශණය එහෙම හොඳට තියෙන්න ඔන.

හේතු :
එහෙයි

හාමුදුරුවො:
මෙකෙන් කියවෙන්නේ බුදුන්වහන්සේගේ නොයෙකුත් තත්ත්වයන් වල හිටිය මනුස්ස යක්ෂ ආදී බලවෙග මෙල්ල කරපු හැටි ගැනයි. අංගුලිමාල වගේ නොවෙයි රා කළ හතක් බීව නාලාගිරි ඇතා. ඌ වගේත් නොවෙයි ආලවක යක්ෂයා.

හේතු:
එහෙයි

හාමුදුරුවෝ:
දැං මුදලාලි හේතුත් එක්ක ගාස්තු එහෙම කතා කළැයි

මුදලාලි:
එහෙමයි ඒව ඉතිං කවදත් කෙරෙන විදියට කෙරෙනවා. මාත් මෙ කියන්න හිටියෙ අපේ හාමුදුරුවනේ ඔය ආලවකයා ඔකා මහා නපුරු යකා නෙවැ. දෙපැත්තෙ දත් අඩියක් විතර දිගයි.

දර්ශනය ඡේදනයක්
දර්ශන අංක 03
(දිවා/ පිටත /පාළු පෙදෙසක ඇති තොරන් මඩුව)
පෙර දර්ශනයේ මුදලාලිගෙ වොයිස් ඔවර් එක මත

මෙම දර්ශනය මතට එන තොරන් පුවරුවක පින්සලයක් ගමන් කරයි. එයින් කියැවෙන යකාගේ ලක්ෂණ ඇඳෙයි.
(මුදලාලිගේ හඩ)
අඩියක් විතර දිගට දෙපැත්තෙ දත් දෙක.
කෙස් බූටෑව කෙළින් හිටෝල වගේ රා කළ දෙක තුනක් තරං බඩ ගෙඩියයි. නියපොතු අඩි ගාණක් දිගයි. දිව හැතැප්මක් විතර එළියට ඇවිත්. ඇස්ගෙඩි දෙක දොඩං ගෙඩි දෙකක් තරං.

හේතුං පිස්සකු සේ පසෙකට වී රූප රාමුවෙ ඇඳි ආලවක රුව දෙස බලා සිනාසෙයි. ඒ අසලට එන බිරිඳ සිරියා ඔහු දෙස බලා සිට ළං වෙයි.
සිරියා:
මොකද මෙ මද්දහනේ ඉර මුදුන් වෙච්ච වෙලාවෙ තනියම හිනා වෙන්නේ
සිය බිරිඳ දැක පින්සල පසෙක තබා හිඳ ගනී.
හේතුං:
යකෙක් වැහිල
සිරියා:
මොකෙක් යකෙක් කිව්ව
හේතුං:
ආලවක නම් යක්ෂයා මට මහ දවල් වැහිල

සිරියා:
පිස්සු

හේතුං:
පිස්සු නෙවෙයි බං. මං මෙ දැං කතා කරකර හිටියෙ ආලවකත් එක්ක. මං ඇහුවා උඹෙ දළ ඔච්චර දිග ඇයි? බඩ තඩි ඇයි? ඇස් ලොඹු ඇයි? කෙස් බූටෑව දිග ඇයි?

සිරියා:
උඹලට නං හිනා මෙ තනි පංගලමෙ විකාර හිත හිතද තොරං අඳින්නේ. තේ ටික බීලා හිටිය නං.

හේතු:
සරමෙ අඹරවාගෙන ඇති මුදලක් ගෙන මෙකෙන් යනිං ගමං කඩෙට ගොඩවෙලා මොනා හරි ඇන්න පලයං

සිරියා:
සල්ලි ගනී
ඉඳා දැම්ම තොරණට සල්ලිත් ලැබුණයි.

හේතු:
පොඩි ඇඩ්වාන්ස් එකක් ඉල්ල ගත්ත

සිරියා:
ඇඩ්වාන්ස් එක මුදලාලිටම දීලා කසිප්පු කට ගොන්නක් බීල එහෙම ගෙට එනව නොවෙයි.

හේතු:
බලපල්ලකො ඒකෙත් හැටි. තොරණ කරවන මුදලාලිම තමයි සල්ලි වියදං කරන්නේ. ඒවා උපයන්නේ මොන විදියටද කියල දෙයියො තමයි දන්නේ.

සිරියා:
කට පියාගෙන රස්සාව කොළානං හොඳයි. නිකං හම්බ වුන අශ්වයින්ගේ දත් ගනින්නේ නැතුව.

දර්ශන අංක 04
(රාත‍්‍රී/ පිටත /තොරන් මඩුව)

මඳ අන්ධකාරයේ බාගෙට ඇඳි තොරන් පුවරු පෙනෙයි. ඒ අතර ආලවක රුව භයංකාර ලෙස පෙනෙයි. තොරන් මඩුව අසලට මද අන්ධකාරයේ ඇදෙන පාද යුගලක්. එය තොරණ ඉදිරිපිට සිට ගනී. ඔහුගේ දෘශ්ඨිකෝණයෙන් ආලවක රුව දකී. මඩුව තුළට රිංගන දෙපතුල් නොපෙනී අඳුරට ඇදෙයි. පෝයට ආසන්න දිනක සඳ අහසේ බබලයි. බල්ලකුද දෙන්නකු උඩු බුරනු ඇසයි.

දර්ශන අංක 05
(හිමිදිරිය /තොරන් මඩුව පිටත)

බුලත් විටක් ඔතා කටෙ ඔබා ගන්නා හේතු අඩුම කුඩුම ලක ලෑස්ති කරගෙන රාජකාරි පටං ගන්න සැරසෙයි. ඒ අතර ඔහු දකින ඔහුගේ ඉහිරුනු තීන්ත බඳුනක්. එම තීන්ත බඳුනේ හැළුනු තීන්ත පාගාගෙන මඩුව තුලට ඇදුන අඩිපාරක්. ඒ දැක විමසිල්ලෙන් ඒවා නිරීක්ෂණය කරමින් යන හේතු දකින ගෙය මුල්ලක සැගවී සිටින තරමක හැඩිදැඩි මිනිසෙක්.

හේතු:
ඒයි මොකද බොල තෝ. නැගිටපං (ඈතට) කිරිබණ්ඩෝ, විදානේ මෙන්න හොරෙක්.

(මිනිහ කළබල වී නැගිටයි. ඔහු හේතු කරනදේ දැක දුව ගොස් ඔහු අල්ලා ගෙන ඔසවා ගෙන විත් මඩුව තුළ තබා ඔහු දෙස බලයි. හේතු ගල් ගැසී සිටී.)

මිනිසා:
අනේ පිං සිද්ද වෙයි කෑකොස්සං ගහන්න එපා. මං හොරෙක්වත් මංකොල්ලකාරයෙක් වත් නොවෙයි.

හේතු:
එහෙනං තමුන් මොකෙක් ද?

මිනිසා:
මං අනාතයෙක්. රස්සාවක් හොයාගෙන ඇවිදින ගමං.
ඊයේ කළුවර වැටිච්ච වෙලාවෙ මෙතෙන්ට ගොඩ උනේ.

හේතු සුසුුමක් හෙළා නැගිටිමින් බුලත් තට්ටුවද මිනිසාට ළංකර කල්පනා කරයි.

හේතු:
රස්සා හෙවිල්ල ලේසි නෑ නේද ? ඒත් ඔහොම තැන් තැන්වල ලගින්න ගියොත්නං හිරබත් කන්න තමයි වෙන්නෙ.

මිනිසා:
මටත් මෙ වැඩෙ දැං නං එපා වෙලා. මුන්නැහේට නං අතේ පයේ කලාව පිහිටලා. මට එහෙම එකක් වත් බැරිකොට

හේතු:
උඹහැටයි මටයි මෙතන බෙදාගන්න රස්සාවක් නෑ. මටත් හම්බවෙන්නෙ සොච්චමයි.

මිනිසා:
අනේ ඒකට කාරි නෑ. මාත් ටිකක් ආසයි ඔය චිත්තර ඇඳිල්ලට. හැබෑවටම හේතු ඔහේ ආලවක යකාගේ හැඩ රුව නිච්චියටම දන්නවද?

හේතු තරමක් වික්ෂිප්තව බලයි.

හේතු:
තමුසෙ ආලවක දැකල තියෙනව වගේ නෙ කතා කරන්නේ. (ක්ෂණයෙන් හැරී ) තමුසෙ කොහොමද මගෙ නම දන්නේ ?

මිනිසා:
(තරමක කලබලයෙන්)
ඔය තමුන්ගේ පරණ තොරං තහඩුවක ගහල තියෙන්නේ ගෙයින් පිටව යමින් බුදුබණ අහල ආලවකත් රහත් වුණ බව අමතක කරන්න එපා.

හේතු:
හ්ම් එහෙනං කාරිනෑ. මටත් හොඳටම පමාවුණා. හේතු පින්සල ගෙන යකාගේ දතක් දිගු කර අඳියි. මිනිහා පිටව ඈතට යයි. හේතු එදෙස බලා ඔලොක්කුවට සිනාසේ.

දර්ශන අංක 06
(රාත‍්‍රී /ඇතුලත/ නිවස)

සිරියා බත් මඩක්කුවක් බෙදාගෙන විත් හේතු අතට වතුර සමග දෙයි. හේතු කල්පනාවක. සිරියා ඒ දෙස විමසිල්ලෙන් බලයි.

සිරියා:
මොකද ? තක්බීර් වෙලා වගේ

හේතු:
නෑ මොකුත් නෑ

සිරියා:
මොකුත් නැති වෙන්න බෑ උඹැහැගේ මුහුණ ටිකක් අමුතුයි.

හේතු:
බත් කන්න පටං ගනී
නෑ බං මං කල්පනා කලේ ආලවක යක්ෂයාගේ හැඩ රුව ගැන

සිරියා:
(සරදමට)
ගොහිං සැලුන් බාබර් කණ්ණාඩියෙන් බලා ගත්තනං

හේතු:
(කේන්තියෙන්)
දමල ගහනව මෙකෙන්ම හොම්බ කට සමතලා වෙන්න. දැන ගනිං (යලි බත් කමිං කල්පනා කරයි)

දර්ශන අංක 07
(දිවා /පිටත /තොරන් මඩුව අවට අඩි පාර)

මිනිසා පිල කෝටුවක් කඩා දත මදිමින් පැමිණේ. ඔහු තරමක් දුර තියා තොරන් මඩුව දෙස බලා කල්පනා කරයි. හේතු අඩුම කුඩුම ලෑස්ති කර තොරන් රාමු දෙස බලාගෙන මඩුපිල උඩ වාඩි ගනී. බුලත් පුවක් තෝරා ඔහු හුනු දුම් කොළ සොයයි.
ඔහුගේ සමීප දසුනට බුලත් පුවක් හුනු දුම් කොළ කරාබුනැටි කිසිවෙක්ගේ අතින් ලැබෙනු පෙනෙයි. ඒවා රුගෙන කටෙ දමාගත් පසුව හේතුට යමක් කල්පනා වී ඒවා ලැබුණේ කෙසේදැයි තිගැස්සි බලයි. ඔහු අසල සිටගෙන සිටින්නේ මිනිසායි.

හේතු:
මළ හත්තිලව්වයි තමුසෙ ආයිත්?
(මිනිහා සිනාසෙයි) විරිත්තනවා තමුසෙට පුළුවං එච්චරනේ. තමුසෙ ආව එක නරකක් නෑ. එනවා වාඩි වෙනවා.

මිනිසා සහ හේතු පිළ මත වාඩි වෙ

හේතු:
තමුසෙ ඊයෙ මෙතන ඇවිල්ල කියල ගිය දේ නිසා මගෙන් මායියත් බැණුම් ඇහුවා. වැඩෙත් එහාට මෙහාට ඇදෙනවා.
කියනවා ආලවක ගැන තමුසෙ මොනවද දන්නේ.

මිනිහා:
ආලවක කියන්නෙත් අපි වගේ මනුස්ස ස්වරූපයක් තියෙන අපි වගේ පාරෙ ඇවිදින කන බොන කෙනෙක්.

හේතු:
(කේන්තියෙන්)
දෙයිහාමුදුරුවනේ තමුසෙ මෙ කතා කරන්නෙ කටෙන් ද?
මිනිසා:
ඔව් හොඳ සිහියෙන්. ආලවකට ඔහොම දත් තියෙනවා කියල මැව්වෙ තමුසෙලමයි. කොණ්ඩෙ බූටෑවයි කියල මැව්වෙත් තමුසෙලමයි. රා කළ දෙක තුනක් තරං බඩක් තියෙනවා කියල කිව්වෙත් තමුසෙලමයි. මං අහන්නෙ බොරුද ?
(හේතු නොදොඩයි)
කාට හරි හිතිච්ච දෙයක් කවුරු හරි ඇඳළ පෙන්නපු දෙයක් තමුසෙල හිස් මුදුනින් පිළිගන්නවා. මං අහන්නෙ බොරුද?

හේතු:
(තරමක් කල්පනා කරමින් සිටී)
තමුසෙ මහ දුර්ජනයෙක්. බුදුන්ව තමන්ගේ මුඛයෙන් ගිලල දමන්න හදපු එකා සිරියාවන්තයි කියලද කියන්න හදන්නේ තමුසෙ කියනවා බලන්න?

මිනිසා:
කවුද දන්නේ එහෙම ගිලින්න හැදුවෙ ඇයි කියල.

හේතු:
(දැඩි කේන්තියෙන්)
තමුසෙ කොහොමද එහෙම කියන්නේ.
(නැගී සිටී)
හොඳ හිතිං කට වහගන්නවා . නැත්නම් මෙතනින් යනවා.
මිනිසා:
මං කියන්නෙ ඇත්ත

හේතු:
ඇත්ත කියල තමුසෙ ඔප්පු කරන්නෙ කොහොම ද?
මට එක සාක්ෂියක් දෙනවා
මිනිසා:
මට සාක්ෂි අවශ්‍ය නැහැ

හේතු:
එහෙනං මෙතන ඉටි ගෙඩියක් ද තමුසෙ කියන්නේ?
මිනිසා:
ආලවක නපුරු විදියට අඳින්න එපා. හරි අපි මෙහෙම හිතමු. ආලවක නරක එකෙක්. තමා. ඒත් ඌ බුදු බණ අහල රහත් වුණාට පස්සෙත් නරක ද? ඇයි ඌව පට්ට ගහන්නේ. ඒකට තමුසෙලට අයිතියක් නැහැ.

හේතු:
මගෙන් කුණුහරුප අහගන්න එපා. තමුසෙ කවුද එහෙම කතා කරන්න තමුසෙට ඇති අයිතිය මොකද්ද?
මිනිසා:
මම තමයි ආලවක ඕයි!

(හේතු තිගැස්සී අත ඇති බුලත් විටද අත හැරෙයි. ඔහුත් මිනිසාත් මුහුණෙන් මුහුණ බලා සිටිති.)

හේතු:
තමුසෙ? කවුද?

මිනිසා:
ආලවක

හේතු යටිගිරියෙන් කෑගසමින් මඩුවෙන් ඈතට දුවයි. ඒ පසුපස මිනිසා ද ඇදෙයි.

දර්ශන අංක 08
(දිවා /පිටත /වෑකන්ඩිය උඩ)

වෑකන්ද මත හේතුව පන්නගෙන එන මිනිසා හේතු අල්ලගෙන ඔසවා ගනී. හේතුට සිහි විසඥ වෙ.

දර්ශන අංක 09
(දිවා /පිටත /තොරන් මඩුව)

හේතු පිල මත උඩුකුරුව සතපවා ඇත. ඔහුගේ ඇස් වහලට යොමු වී තිබෙ. මුහුණේ වතුර තවමත් බෙරෙයි. මිනිසා පැමිණ අසල ඈඳි ගනී.

හේතු:
මට තාමත් කල්පනාව අඩුයි වගේ

මිනිසා
කලබල කරන්න කාරණයක් නෑ. මගෙන් තමුන්ට කිසි වැරුද්දක් වෙන්නෙ නෑ

හේතු:
ආලවක කියන්නෙ තමුසෙමයි එහෙනම්

හේතු නැගිට ගොස් තමා ඇන්ද තොරන් රාමුවෙ ආලවක දෙස බලයි. ඔහු පින්සල ගෙන මිනිසා දෙස බලයි. ආලවකත් දිගු දත් කෙස් බූටෑව ඇස් ගෙඩි ආදිය වෙනස් කරන දර්ශන පෙළකට මිශ‍්‍ර වෙ. මිනිසාද උදව් කරයි. හේතු ද එදෙස බලා සිනාසෙමින් බුලත් විට කා සතුටු වන අයුරු පෙනේ. දර්ශනය බොඳව යයි.

දර්ශන අංක 10
(දිවා/ පිටත /තොරන් මඩුව)

මුදලාලි අඩිපාර දිගේ පැමිණ මඩුවට යාර 20-30 තියා නැවතී බලා සිටී. හේතු බිම හිඳගෙන තීන්ත දිය කරමින් සිටිනු පෙනේ.
මුදලාලිගේ මුහුණ ඈත සිටම ක‍්‍රමයෙන් අඳුරු වෙ. ඔහු හේතු දෙසට පියවර ඔසවයි. හේතුට නොදැනීම හේතු පසුපස හිටගෙන චිත‍්‍ර නිරීක්ෂණය කරයි. ආලවක සෞම්‍ය ලෙස ඇඳ ඇති රුවක් පෙනේ. හේතු හදිස්සියෙම මුදලාලි දකී.

හේතු:
හත්වලාමයි?

මුදලාලි:
හත්වලාමයි තමයි. මෙ මොකද්ද බං ඇඳලා තියෙන්නේ.

හේතු:
මෙ ආලවක මුදලාලි

මුදලාලි:
ආලවක? උඹ නං දැං හොඳට දන්නවා විිහිළු තහළු කරන්න. මෙ බලහල්ලකෝ ආලවකගේ තියෙන හුරුබුහුටිකම.

හේතු:
මෙකා මුදලාලි මනුස්සයෙක්. ආලවක ඇත්තටම නරක යකෙක් නොවෙයි. හේතුගෙ වචන යටපත් කරගෙන සංගීතය උත්සන්න වෙ. ඔහු යමක් මුදලාලිට පැහැදිලි කර දෙයි. මුදලාලිත් හේතුත් අතර බහින් බස් වීමක් පෙන්නුම් කරයි.

දර්ශන අංක 11

(දිවා /ඇතුළත/ පන්සල)

ලොකු හාමුදුරුවෝ හිස අතගාමින් එහා මෙහා ඇවිදී. මුදලාලි අසල බංකුවක ඈඳ ගෙන සිටී.

ලොකුනම:
මුදලාලිමනේ කටයුත්තට හේතුව හොඳයි කියල ඌව ඒකට පංගාත්තු කළේ.

මුදලාලි:
ඒත් ලොකු හාමුදුරුවනේ මෙකට සිංහල තේරෙන්නේ නැද්ද කට කැඩෙනකං කිව්වනේ මොකද්ද කරන්න ඔනෙ කියල.

ලොකුනම:
දැං හේතුව මොකක්ද කියන්නේ.

මුදලාලි:
පණ්ඩිතකං කියවනවා. ඌ මට ජාතක කථා උගන්නන්න හදනවා

ලොකුනම:
වැඩි දොහක් නෑ නෙවැ පෝයට. අපි ඉක්මනට තීරණයක් ගනිමු. ගොහිං දායක සභාවත් එක්ක බැලුවොත් හොඳයි නේද මුදලාලි.

මුදලාලි:
හාමුදුරුවනේ ඔය ළඳු කැළෑ අස්සේ රිංගන්න ඔන නෑ. ඔකගෙං වැඩෙ අරගෙන එහා ගමෙ ඉන්න ජොනතන් රාළහාමිට බාරදෙමු. මිනිහ වැඩෙ කරයි. අපි යකෝ ගමෙ එකකුට කීයක් හරි අරංදීල ඌට උදව් කරන්න ගියහම මට සිද්ද වෙන දේවල්.

දර්ශන අංක 12

(දිවා /පිටත /හේතු නිවස ඉදිරිපස)

සිරියා පාං රාත්තලක් රුගෙන කඩුල්ල පැන තරමක් කේන්තියෙන් එයි. හේතු කලයෙන් වතුර එකක් නවාගෙන බී කෝප්පය තබා අසල බංකුවෙ වාඩිවෙයි.

සිරියා:
හහ් ඉන්නවද? මං හිටියේ මුණගැහෙනකං තමයි. හේතු විමතියෙන් බලයි. ගෙදරට කන්න බොන්න මාස ගානකට කීයක් හරි හම්බ වෙන වැඩෙ. ඒකත් කම්මුතුයි. තමුසෙට කළඳක්වත් මොලේ නැද්ද?

හේතු:
(ඉතාමත් සංසුන්ව ඇය අසලට පැමිණ)
මොකද්ද දැං උඹ කියන්නේ

සිරියා:
කියන්නේ? කියන්නේ ගමෙ උං කියන ඒවා දායක සභාවම විරුද්ධ වෙලාලු තමුසෙගෙ පණ්ඩිත වැඩෙට. ඔන්න වැඩෙ වෙන ගමකට දෙන්න යනවලු. (හේතු තිගැස්සෙයි.)
ආලවක හොඳඳ ලස්සනද ? අපට වැඩක් නෑ මනුස්සයෝ තමුසෙ කියන දේ අඳිනවා.

හේතු:
දැං උඹ දැකල තියෙනවද හරිම ආලවක

සිරියා:
මං දැකල ඇති ආලවකයෙක් නෑ. හැබැයි මං ඌ ගැන අහල තියෙනව. අනික දැකල තිබුණත් දායක සභාවට උවමනා විදියට ඇඳල දෙනව මිසක් අපි පණ්ඩිතකං කරන්න ඔන නෑනෙ.

ක්ෂණික ඡේදනයක්

දර්ශන අංක 13
(දිවා/ පිටත/ තොරන් මඩුව)

හේතු හිසේ අත ගසාගෙන මිදුලේ ඇන තියාගෙන සිටී. මිනිසා පිලේ වාඩිවී කෝටුවක් සපමින් සිටී.

මිනිසා:
ඔව් අපි එහෙම කරමු

හේතු:
බැහැ මට තමුසෙව පාවා දෙන්න බෑ ඔයි

මිනිසා:
ඒ වුණාට මෙ වෙලාවෙ කල්පනාකාරී වෙන්න ඔන. අවුරුද්දටම තමුසෙට ලැබෙන එකම බිස්නස් එක. ඔක නොලැබුණොත් ළමයින්ට ඉස්කෝලෙ යන්න ගෙදරට කන්න බොන්න සෙරම නැති වෙයි.

හේතු:
ඒකත් ඇත්ත. ඊට හපං අර දායක සභාව හොඳටම කුලප්පු වෙලා හැබැයි මොන කෙං ගෙඩියක් වුණත් මං තමුසෙගෙ ගරුත්වය රකිනවා.

මිනිසා:
දැං ඒ කෙහෙල් මළෙන් වැඩක් නෑ යාළුවා. අපි දෙන්නම එකතු වෙලා මෙක තිබ්බ විදිහට හදන්න ඔන.

හේතු:
මට කතා කරන්න එපා. මට බෑ.

මිනිසා:
එහෙම මග හරින්න පුළුවන් වැඩක් නෙවෙයි මෙක.
ගන්නවා පින්සල

හේතු හිතුවක්කාර ලෙස සිටියි. මිනිසා පින්සලක් ගෙන ආලවක රුව යළිත් බියකරු ලක්ෂණ වලින් පුරවයි. හේතු කඳුළු සලයි. මිනිසා හේතු දෙස බලා සිට පින්සල ඔහු අතට දී පිටව යයි. ඔහුගේ රුව ඈතට ඈතට බොඳව යයි. හේතු සෙමෙන් තොරණ අඳින්නට යළි පටන් ගනී. බොඳව ගිය මිනිසා ගේ රූප රාමුවකින් මතුව එන්නේ මුදලාලිගෙ රුවයි. තරමක් දුර සිට මුදලාලි සැකයෙන් මෙන් බලයි. මොහොතකින් ඔහුගේ මුවට සිනහවක් නැගේ. ඔහු හේතු අසලට පැමිණේ. හේතු එයට ප‍්‍රතිචාරය නොදක්වයි.

මුදලාලි:
පංකාදු පහයි. ඔය ඇඳලා තියෙන්නේ ආලවක පණ පිහිටුවල. ඔකනේ උඹට කලිනුත් කීවෙ. මට පුදුමයි උඹම ද ඇන්දෙ කියල. මොකක්ද උඹට හැදිච්ච පිස්සුව.

හේතු:
ඇත්තටම මම නෙමෙයි මුදලාලි ඇන්දෙ. ඇදපු කෙනා දැං ඩිංගකට කලින් මුදලාලි මුණගැහෙන්න ඇති. මිනිහ යන කොටම තමයි මුදලාලි ආවෙ.
(තරමක් විමතියෙන්)

මුදලාලි:
මට මොකෙක්වත් මුණ ගැහුනෙ නෑ. උඹට අවතාර පෙනිලද කොහෙද?

හේතු:
ඔව් ඒ ආලවකගෙ අවතාරෙ. (මුදලාලි කොක් හඩලා සිනාසේ.) හිනාවෙන්න දෙයක් නෙමෙයි මම කිව්වෙ මුදලාලි මෙක අඩන්න කාරණාවක්. (මුදලාලි තවත් කොක් හඩලා සිනාසේ.) හේතුට ඇඩුම් එයි.

හේතු:
ආලවක කියන්නේ අපි හිතන තරං නපුරු යකෙක් නෙවෙයි (මුදලාලි සිනාසෙමින් ඈතට යයි.) මිනිහත් එක්ක කතා කළාම හිතෙනවා ආලවක කියන්නේ අපි ද කියල. ඔය හිනාව නවත්තල අහන්න මුදලාලි. (මුදලාලි කොක් හඩලා සිනාසෙමින් ඈතටම යයි.)

දර්ශන අංක 14
(රාත‍්‍රී /ඇතුලත සහ පිටත /හේතුගෙ නිවස)

තොරණෙන් නික්මෙන සංගීත විරිදු ආදිය ඇසේ. සඳ එලියද මනාව වැටී ඇත. මඳ අන්ධකාර ගෙපිලෙහි වාඩිවී කිසිදු හැගීමකින් තොරව බලාගත් අත බලා සිටින හේතු රෙද්දක් ඇග වටා පොරවාගෙන තරමක උණ ගතියෙන් පසුවෙ. විරිදුවෙන් කියවෙන්නේ ආලවක යක්ෂයාගේ නපුරුකම්ය. ඊට ප‍්‍රතිචාර දක්වමින් හේතු උණ විකාරයෙන් දොඩවන්න පටන් ගනී.

හේතු:
ආලවක නරක නෑ. (මිනිසා ආලවක මුදලාලි තිදෙනා එකිකෙ මිෂ‍්‍ර ණය වෙ. යළිත් තොරණේ හඩ උස්ව නැගේ. ඊ ට යටින් හේතුගෙ හඩ කෙඳිරියක් සේ ඇසේ.)
ආලවක නරක නෑ

හේතු ගෙපිලෙන් නැගිට කඩුල්ල දෙසට දිව යයි. සිරියා කඩුල්ල දෙසට දුව ගොස් ඔහුව අල්ලා ගනී. තොරණේ හඩ සියල්ල වසා පැතිරෙ. එයින් තව තවත් කියැවෙන්නේ ආලවකගේ නපුරු කමයි.

වසන්ත දුක්ගන්නාරාළ


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සුදු කොඩි දෙකේ උපත

.........මේ ලියන මොහොතේ මගේ සිතේ සුදු කොඩියක් එසැවී තිබේ. ඒ කුමක් අරබයා ද කියා ඔබ අසනු ඇත. ඒ සුදු කොඩියට අරමුණු දෙකක් තිබේ. එකක් අප කිසිවකු අනුමත නොකරන, යුද්ධය නිසා මියගිය මිනිසුන් සිහි වීම පිණිස වේ. සුදුකොඩියේ අනෙක් අරුත නම් මරාගත් මී පැටවකු උඩ දම දමා සෙල්ලම් කරන පූසකු සේ මළගම් වටකොට ප්‍රීති උත්සව සංවිධානය කරමින්, මහමඟ කිරිබත් පිස කෑමට තරම් වූ අවිහිංසාවාදී බෞද්ධයන්ගේ පුරුෂාර්ථ සිහිපත් කිරීමයි. අහසේ ද, පොළොවේ ද වාතයේ ද වසන ඇසට පෙනෙන නොපෙනෙන සියලූ සත්වයන්ට මෙත් වඩා බුදුන් සරණ යන අපේ අය මියගිය අය වෙනුවෙන් සාද පවත්වති.

මරණ දැන්වීම් පළ කර පඹයන් පුච්චමින් ප්‍රීති උත්සව මැද අවමගුල් සමරන විට එකක් සිහිපත් කළ යුතු ය. සිංහලයන් ගැන පිළිකුලක් ඇති නොවන ලෙස හැසිරිය යුතු ය. සුළු මහ ජාති ප්‍රශ්නයක් නැති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත. පාටි දැමූ ඔබ ඔබේ චරිත සහතිකය ලියා ගන්නේ නම් මැනවි. අද අපි නිවැරදි යැයි සිතා හුරේ දමන දේ තව දශක කිහිපයකින් බොරුවන්නට ඉඩ තිබේ. බුද්ධිමත් දේ වන්නේ බුදුන්වහන්සේ දේශනා කළ පරිදි මේ සියලූ අවස්ථාවල දී ම නොසැලී සිටීමයි. ලෝකය ගෝලාකාර යැයි මුලින් ම කී කෙනා මැරුම් කෑවේ ය. එහෙත් අද ලෝකය ගෝලාකාර නොවේ යැයි කීම මැරුම් කෑමට හේතුවක් විය හැකි ය.

අද මා ඔබ කැඳවාගෙන යන්නේ යාපනයට ය..........

සම්පූර්ණයෙන් කියවන්න

සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


බුදුත් නික්මුණ


බුදුනි ඔබ බුදුවුන
වෙසක් මාසෙම
මේ සියල්ලම සිදුවුනු අරුම.

සමාධිය හා අවුකන
ඔක්කොම බුදු පිළිම
අතුරුදන් උනේ කෝමද එකවර.
දන්ත ධාතුව ගැනත් සැකයි මට
සිරිපතුලත් නැති කොට, කන්ද උඩ.
ඉගිල්ලූවා වගෙ නොවෙයි
ජය සිරි මහ බෝධිය
පරිස්සමෙන්, වයසයි දැං ඔය ගහට.

සිවුරු ලෑ අය සිටි බව සැබැයි
වෙඩි තිව්වෙ නැතිවා විතරයි.
සංහාරයට ම නොවෙයි
ජාතිය බේරගන්නට
සාදු සාදු සෙත් පිරිත් එමටයි.
විස්සෝපය ඔයතරම් ඒකදැයි?

ජාතිය අපේ රණ දෙරණ
අපිය යුද්ධෙට දස්ස.
රුපු දෙමළ සෙන් නසා
හන්දියක් ගානෙ ජය සුදිය දැම්මට
තිරිසන් සතුටක් නොවෙයි
සීලවන්තයි අපි අනිත් හැම දේටම.

වන්නියේ මළ මිනී ගඳ අපුල ද?
ලෙඩ්ඩු මළකඳන් පිරි දසුන් අසුබ ද?
කූඩු කල තුන් ලක්සෙක සුසුම් ඇහුන ද?
අපි නම් ඉස්සර වගෙම
හොඳ බොදු සිංහල, ඇයි සැක ද?

මහේෂ් මුණසිංහ
2009 05

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

They fought for a homeland
We give them, actually some of them
Twenty perches
Twenty small perches
Not only to dwell but also
To cultivate as most of them are farmers
They must thank us because
Some were not given at least the six feet

Read the following news
http://www.w3lanka.com/052509en1.html

To read in Sinhala
http://www.w3lanka.com/052509sin1.html

- W3Lanka.com
Sinhala home in World Wide Web

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කණ සැනසිල්ල මහ රජ බණ ඇසීමය
නෙත සැනසිල්ල රජ කටවුට් දැකීමය
බව සැනසිල්ල රජ ළග දණ නැවීමය
දිව සැනසිල්ල රජ දෙපතුල ලෙවීමය

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

යුද්ධය ඉවරයි. අද දවසේ බොහෝ දෙනෙකුගේ සිතිවිල්ල . ඔව් ඒක ඉවරයි. වසර තිහකට ආසන්න කාලයක් තිස්සේම ලාංකීය සමාජය අබ්බගාත කල ත්‍රස්තවාදී ව්‍යාපාරය අවසන්. ඉතින් ජනතාවට සතුටුයි. ජනතාව කති. බොති. ප්‍රීති වෙති. ට්‍රක් යති. ඔල්වරසන් දෙති. ප්‍රීතිය.. ප්‍රීතිය.. අති මහත් වූ ප්‍රීතිය...

අපි පොඩ්ඩක් අතීතයට යමු. දෙවන ලෝක යුධ සමයේ අවසන් භාගය ට. මෙන්න මෙහෙම දෙයක් සිදු වුනා. ඒ 1945 වර්ෂයේ අගෝස්තු 14 වන දින. ජපානය සිය යටත් වීම ප්‍රකාශයට පත් කල දවසයි. එදවස ඇමෙරිකානු නාවික සෙබළෙකුව සිටි ග්ලේන් මැක්ඩෆි නිව්යෝක් හි ටයිම්ස් චතුරශ්‍රය වෙත ඇවිද යමින් සිටියා. මිනිසුන් සිටියේ උත්සවශ්‍රීයෙන්. ජපානය යටත් වී ඇති බව ඒ වන විටත් ග්ලේන් දැන සිටියේ නැහැ.

ඔහු සිටියේ සිය නිළ ඇදුමින් සැරසී. හදිසියේම කාන්තාවක් ඔහු වෙත දිව ආවා. ඇවිත් මෙහෙම කිව්වා. ˜නාවිකයා.. මට හරි සතුටුයි. ඔබට ගෙදර යන්න පුලූවන්. යුද්ධය අවසන්˜.

ග්ලේන් ට ඇතිවුනු සතුට කියා නිම කරන්න බැරි වුනා. ඔහුගේ සොහොයුරා ඒ වන විටත් ජපානයේ යුධ සිරකරුවෙකුව සිටියා. දැන් ඔහුත් නිදහස්. ග්ලේන් වහා මාවත වෙත දිව ගියා. ප්‍රීතියෙන් ඉපිළෙමින්. එවකට හෙදියක ව සිටි ඊඩිත් ෂෙයින් ඔහුව දුටුවා. ඇය ඔහු වෙත සිය දෑත දිගු කලා. ඔහු වහා දිවවිත් ඇයව සිප ගත්තා. එවකට ඡායාරූප ශිල්පියෙකුව සිටි ඇල්ෆ්‍රඩ් අයිසන්ස්ටේඩ් සිය කැමරාවේ මේ සිදුවීම ඡායාරූප ගත කලා. ඒ මෙන්න මෙහෙම.


හරි.දැන් ඒ අතීතය. යුද්ධය අවසන් වුනු බව කි විට මිනිසුන්ට විශේෂයෙන්ම සොල්දාදුවෙකුට මෙතරම් සතුටක් ඇයි? ඒක ග්ලේන් ගේම අදහස් වලින් කීවොත්..˜ හැම කෙනෙක්ගේම කවුරුන් හෝ යුද්ධයේ සිටියා.. ඥාතියෙක්..පියෙක්..නැත්නම් මිතුරෙක්.... ඉතින් යුද්ධය අවසන් වූ පසු සතුටු නැද්ද?

තමන්ගේ බඩියා තම දෑස් ඉදිරිපිටම කුඩු පට්ටම් වී යන අයුරු දකින සෙබළෙක් ගේ සිත තුල මොනතරම් වේදනාවක් සිරවී ඇත්ද? තමන්ගේ දරුවා, මව, පියා, සහෝදරයා බෝම්බයකට හසුවෙලා යන පුවත අසන කෙනෙකුට මොනතරම් වේදනාවක් දැනෙනවා ඇතිද? ඒ විතරද? ඉගෙන ගන්න ඉස්කෝලෙට යමින් සිටි දරුවා බලහත් කාරයෙන් පැහැරගෙන ඛඔඔෑ සංවිධානයට බඳවා ගත්ත පුවත අසා කම්පාවට පත් වන දෙමළ මවක් ගැන සිතන්න. ඉතින් යුද්ධය අවසන් වීම ප්‍රීතිමත් නොවන්නේද?

ඉහත සිදුවීම වල කම්පනය දැනෙන්න සිංහල දෙමළ භේදයක් තියෙන්න ඕනෙද? තවත් කාරණයක්. යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන්. ජයග්‍රහණයේ ප්‍රීතිය අඩු කරන එක්තරා සාධකයක්. ඒ කිසිම කෙනෙක් ඔය විදිහට මියයන්න ඕනෑ අය නොවෙයි. නමුත් එහෙම වුනා. කාගෙද වරද?

මට අහන්න තියෙන්නේ මෙන්න මේකයි. යුද්ධය හැර වෙන විසදුමක් ප්‍රභාකරන් අපිට ඉතිරි කලාද? ඔව්. ඊළම. එහෙනම් අපි ඊළමට එකඟ වෙන්න තිබුනා නේ.නමුත් එහෙමත් නැහැ. අපි ඒකටත් විරුද්ධයි. ඉතින් යුද්ධ කලා.

තමන්ගේ ජිවිතය බේරාගන්න සිවිල් වැසියන් ප්‍රාණ ඇපයට ගත්ත සංවිධානයක් විමුක්තිකාමීන් හෝ ජාතියේ ගැලවුම් කරුවන් හෝ වෙන්න කොහෙත්ම බැහැ. ඒක හරියට තමන්ගේම දරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා ගෙන මම මෙයා ගේ තාත්තා කියලා පිළිගනින්. නැත්නම් මරනවා කියා කීමක් වගෙයි නේද? හැබෑම තාත්තෙක් නම් කවදාවත් එහෙම කරයිද?

හීනෙන් වත් දිනන්න බැරි වෙනම රාජ්‍යයක් වෙනුවෙන් දහස් ගණනක් මරා ගත්තා. මොකද්ද ඉතිරිවුනේ..උතුරෙත් දකුණෙත් මළ කඳන් ගොඩගහගත්තා විතරයි. ඔන්න දැන් ප්‍රශ්නයක්..

මූ ෂුවර් එකටම මහින්ද ගොට්ටෙක් . ප්‍රභාකරන්ට බැන්න පමණින් මා මහින්ද ගොට්ටෙක් වේදෝ? . ධ්‍රැවීකරණය වූ ඔලූගෙඩිවලට දෙයක් අවබෝධ කරලීම නම් ඉතාමත් අසීරු බව මම ප්‍රායෝගිකවම දන්නවා.

අති සරලම තර්කය. හිතට විරුද්ධ කුහකයෙක් වෙනවාද? නැත්ද?.

ප්‍රභාකරන්ගේ වුවද මළමිණිය දිහා බලාගෙන මට සතුටින් උඩ පනින්න බැහැ. ඒක බුදුදහමේ බලපෑම වෙන්න පුලූවන්. වෙන දෙයක් වෙන්නත් පුලූවන්. නමුත් කවුරුන් හෝ එහෙම උඩ පනිනවානම් මම එයාට විරුද්ධ වෙන්න යන්නෙත් නැහැ. ඒ අයට සතුටු වෙන්න මට වඩා හොඳ හේතුවක් ඇති. කැසියස් විසින් රෝම අධිරාජ කලිගියුලා මරාදැමූ පුවත ඇසූ ජනයා ඔල්වරසන් දුන්නා. ඇයි? කලිගියුලාගේ ජීවත් වීමට වඩා මරණය දැකීමට මිනිසුන්ට අවශ්‍යය වුනා. තමන්ව එතනට පත්කරගත්තේ ඔහුමයි.

මේ මිනිස්සු කවුරුවත් රහත් වුනු අය නෙමෙයි. මම දුටුවා ඇතැම් අය ලියලා තිබුනා [දෙමළ මස්ම ඉල්ලනවා] කියා. මටනම් අදවෙනතුරුත් කාවවත් මුනුගැහුනෙ නැහැ දෙමළ මස් ඉල්ලන. නමුත් ප්‍රභාකරන් මරා හෝ මේ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි කියන අය නම් මුනගැහුනා.

ජාතිවාදය අවශ්‍ය සාමාන්‍ය ජනතාවටද එහෙම නැත්නම් මෙහේ මහා ජාති වාදයක් තිබේය .. කිය කියා පිට රටින් සල්ලි ගරා ගැනීමට ව්‍යාපෘතීන් පටන් ගන්නට දඟලන රැකියාවක් නැති නිකමුන්ටද කියා මධ්‍යස්ථ මනසකින් කල්පනා කර බලන්න.

අවසාන වශයෙන් මෙහෙම දෙයක් කියන්නම්. මගේ මිතුරෙක් කියා තිබුනු විදිහටම උතුරේත් දකුනේත් ගෙවල් දහස් ගණනක තව අවුරුදු ගණනාවක් යනකම් සතුටින් කල දවස ගෙවෙන්නේ නැහැ. ඒ බව මතක තබා ගත යුතුයි. එනිසා මේ ජයග්‍රහනය වඩාත් සංවේදීව මානුෂිකව සැමරිය යුත්තක්. ලෝක කුසලානය දිනාගත්තා වගේ සතුටු වීම නම් අනුමත කරන්න බැහැ. මෙය වඩාත් ගෞරවාන්විතව සැමරිය යුත්තක් . නිහ~ව තම ඇතුලූ හදට සමීපව සැමරිය යුත්තක්. අද දවසේ අපි යම් නිදහසක් ප්‍රීතියක් භුක්ති විඳීනම් අනිවාර්යයෙන්ම සිහි තබා ගත යුත්තක් තිබේ.

හෙට දවසේ අප මේ භූමියේ ඇවිදිමින් අපේම අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් වෙහෙසෙනු ඇත. පයට පෑගෙන සෑම වෑලි කැටයකම ගන්නා සෑම හුස්ම පොදකම සැබෑම අයිතිය ඇතැම් විට අප නම ගම වත් නොදන්නා නමුත් අප වෙනුවෙන් මිය ගිය කෙනෙකු වෙනුවෙන් පැවරී තිඛෙනු ඇත. අප්‍රමාණ දුක් ගැහැට විදිමින් උන් කල කැප කිරීම අපට කෙසේ වෙතත් මහ පොළොවට නම් කිසි දිනෙක අමතක නොවනු ඇත.

අනුෂ්ක තිලකරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


හඬනු එපා සිනාසෙනුව

අව පැහැ ගත් පත්තර මිටි
සමග බරට විකිනීමට
සිදුවුනි නම් ඔබේ කවිය
හඬනු එපා සිනාසෙනුව

වංචාකර අකුරු වලට
ටොන් ගනනක් කිලෝ දෙකට
පත්තර ටික ගෙන යද්දී
හඬනු එපා සිනාසෙනුව

පොලූ වලින් තලා පෙලමින්
ඊයම් ගුලි ගත දවමින්
අකුරු හටන මැඩලද්දී
හඬනු එපා සිනාසෙනුව

උගත් විචාරන මහතුන්
රැල්ල එක්ක කඩේ යද්දි
ඉවතට විසිවුනු කවි හා
හඬනු එපා සිනාසෙනුව

කොලඹින් සයබර් අහසට
විදින හීයේ පැටලීලා
බූන්දියක් කටේ ඔබන්
හඬනු එපා සිනාසෙනුව

ඉෂාන් අ.බ. අඹන්වල

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


කලා මණ්ඩලයට හා ඊට අනුබද්ධ අනුමණ්ඩලවලට සභාපතිවරු සහ අනුමණ්ඩල සාමාජිකයන් පත් කිරීම මේ දිනවල සිදුවෙමින් තිබේ. බුද්ධදාස ගලප්පත්ති සාහිත්‍ය අනු මණ්ඩලයේ සභාපති ලෙස මාධ්‍යයට සම්මුඛ සාකච්ඡා දී තිබුණේ සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති තනතුරු නිල වශයෙන් භාර ගැනීමටත් පෙර දිනයේය. බුද්ධිගේ සභාපති තනතුරට උරණ වූ දිවයිනේ ගාමිණී සුමනසේකර ඔහුට විරුද්ධව ලියූ ලිපිය සිය පුවත්පත් පළ කරන්නට තරම්වත් කසේරුකාවක් නැතිව තවමත් ලතවෙමින් සිටියි.

තැනින් තැන මේ සභාපතිවරු සහ අනුමණ්ඩල සාමාජිකයන් ගැන කසු කුසු ඇසෙයි. සමහරු අපිට ද දුරකථනයෙන් කතා කොට මේ අයට නොසෑහෙන්න බැණ වැදී අපේ කාලයද කා දමති.

පසුගිය කාලයේ අපට හමු වූ බොහෝ දෙනා තනතුරු නොදීම නිසා උරණ වූවෝ වෙති. උගතුන්, කලාකරුවන්, බුද්ධිමතුන්, මාධ්‍යකරුවන් ආදී එකී නොකී බොහෝ වුන් මීට අයත් ය. ඒ බොහෝ දෙනා අපිටත් වඩා විවේචකයෝ වී මාධ්‍ය පුරා සෙල්ලන් දැමූහ. අදහසක්, මතයක් නැති මාධ්‍යකාරයෝ ද මේ අයට තමන්ගේ පත්තර පිටු පුරවා ගැනීමට බඩ පිනුම් ගැසීමට ඉඩදුන්හ. ටික කලකින් මේ සෙල්ලන් දැමූ විවේචකයෝ අතුරුදහන් තත්ත්වයට පත් වූහ. ඉන්පසු නැවත මාධ්‍යයට එන්නේ ඒ විවේචනය කළ පුටුවල හිඳ ගනිමින්ය. අවශ්‍ය වන්නේ පුංචිම පුංචි ටෙලිෆෝන් කෝල් එකක් දීම පමණි. මේ ඊට නිදසුන්ය.

...... මේ අවුරුද්දේ ජනවාරි මාසෙ දවසක සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් විමලදාස සමරසිංහ මහතා මට කතා කරලා කිව්වා, ...... ඔබතුමාට සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති තනතුර භාර දුන්නොත් භාර ගන්න කැමතිද කියලා. මම ඒ වෙලාවෙ ගත් කටටම කිව්වා කැමතියි කියලා. එහෙමයි මට මේ තනතුර ලැඛෙන්න පාර කැපුණේ...

බුද්ධදාස ගලප්පත්ති,
දිවයින -සරසවි උයන
2009-05-07

නාට්‍ය අනුමණ්ඩලයේ සභාපති වී ඇතැයි කියන පැටි්‍රක් රත්නායකට එම තනතුර ලැඛෙන්නට ඇත්තේ ද එවැනිම කෙටි දුරකථන ඇමතුමකින් වීමට පුළුවන. එය අපට ඊළඟ සතියේ දිවයිනේ සරසවි උයනින් පැටි්‍රක් සමහරවිට කියනු ඇත. අමාත්‍යාංශ සෙකටි්‍රට නිර්භයව මෙසේ තනතුරු ප්‍රදානය කරන්නට මේ අයට ඩිරෙක්ට් කතා කරන්නට තරම් විශ්වාසයක් සැදුණේ කෙසේද? සෙකටි්‍ර සාහිත්‍ය අනුමණ්ඩලයට මහාචාර්ය සුචරිත ගම්ලත්ට කතා නොකොට බුද්ධිට කතා කළේ ඇයි?. ඒ ගම්ලත්ලා ප්‍රතික්ෂේප කරන බවත් බුද්ධිලා භාර ගන්නා බවත් රාජ්‍යයේ නිලධාරීන් හොඳාකාරවම දන්නා නිසාය.

ඒ නිසා මේ අය තනතුරු භාර ගැනීම පිළිබඳව අපි පුදුමවන්නේ නැත. අප පුදුම වන්නේ, මේ මණ්ඩලවල වාඩි වී වර්ධනය කරන්නට ආරක්ෂා කරන්නට හෝ විනාශ කරන්නට මේ රටේ කලාවක් ඉතිරි වී තිබේද යන්න ගැන සිතෙන විටය. හඳගම කලාකෘතියක් කිරීම නිසා ඔහුව අපරාධකාරයෙක් කොට සිර ගෙදරට යැවීමට කටයුතු කළේ, යාන්ත්‍රණයක් ලෙස මේ රාජ්‍ය යන්ත්‍රයම පමණක් නොව බලධාරී පුද්ගල චරිත ලෙස මේ ජනාධිපතිවරයාමය. මේ සංස්කෘතික ඇමතිවරයාමය. මේ සංස්කෘතික ලේකම්වරයාමය. හඳගමගේ අක්ෂරය චිත්‍රපටය තහනම් කෘතියක් කිරීමට වලිකෑවේ මොවුහුමය. මේ ආයතන කාලයක් තිස්සේ හැඩ ගැසී ඇත්තේ පවතින ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට සේවය කිරීමටය. ඔවුන්ගේ රුචි - අරුචිකම්වලට අනුව කලාව කරන්නටය. ජැක්සන් අබා හැදුවේත්, ජයන්ත චන්ද්‍රසිරි දුටුගැමුණු හදන්නේත් ඒ අනුවය.

අපේ රටේ දරුණු යුද්ධයක් පවතී. ඒ යුද්ධයට හමුදාවත්, ආණ්ඩුවත්, විපක්ෂයත්, මාධ්‍යයත්, කලාකරුවනුත් කියන්නේ මානුෂික මෙහෙයුම කියාය. ලෝකයේ කොහේ හෝ මානුෂික මෙහෙයුම්වලින් දහස් ගණං සාමාන්‍ය ජනතාව මරා දමන බවක් හෝ මරා දමා ඇති බවක් හෝ අප අසා නැත. ඊළඟට මානුෂික මෙහෙයුම්වලින් සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණන් අනාථ වන බවක් ද අප අසා නැත. දැන් මේ මහින්ද ආණ්ඩුව කරමින් සිටින්නේ එවැන්නකි. දකුණේ පුංචි එවුන් එකා දෙන්නා කෘෘර ලෙස ඝාතනය කරන විට හොටු පෙරාගෙන හඩා වැළපෙන මේ රටේ කලාකරුවෝ, මාධ්‍යකරුවෝ, උතුරේ පොදි පිටින් රාජ්‍ය හමුදා වෙතින් ෂෙල් ගසා මරා දමන පොඩි එවුන් ගැන කතා නැත. ඉතිං මුන් කලාකරුවෝද?

එහෙව් ජන ඝාතක යුද්ධයක් කරන ෆැසිස්ට්වාදී ආණ්ඩුවක තනතුරු ගැනීම මනුෂ්‍යකමක් ඇති පුද්ගලයෙකුට කළ හැකිද? එහෙත් මෙවැන්නෝ මහින්ද ආණ්ඩු කාලයේ පමණක් නොව, ජර්මනියේ හිට්ලර් ආණ්ඩු කාලයෙත් සිටියහ. සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපතිකමට තමන්ට ඕනෑවටත් වඩා සුදුසුකම් තිබේ යැයි මහත් ආඩම්බරයෙන් හඩ නගන මේ මහත්වරුන් මේ ප්‍රදර්ශනය කරන්නේ අන් කුමක්වත් නොව, තමන්ද ෆැසිස්ට්වාදීන් බවය. කලාකාරයින් නොව කලහකාරයින් බවය.

සමහර විට මේ ආකාරයට මේ මණ්ඩලවල තනතුරු ගන්නවුන්ට රටේ නායකයා ගැන මහත් ආඩම්බරයක් තිබීමට පුළුවන. ලෝකෙටම අභියෝග කරන නායකයකු යටතේ පවතින කුඩා හෝ ආයතනයක තනතුරක් ලැබීමත් මේ අයට ආඩම්බරය ගෙන දෙන්නක් විය හැකිය. සමහර අරලියගහ මන්දිර චින්තකයන් ජනාධිපති මහින්ද ඓතිහාසික නායකයෙක් බවට දැන් කියන්නේ ද එවැනි හැඟීමකින් විය හැකිය. ඔවුහු ඉතිහාසය දැන්ම ම තනා ඇත.

අවසාන වශයෙන් තවත් එක් දෙයක් සටහන් කර තබමි. මහින්ද පාලන කාලය විසින් කරමින් තිඛෙන සියලූ දුර්ගුණ අතර වැදගත්ම ගුණයක්ද ඇත. ඒ ඩබල් ගේම්කාරයන් මේ කාලය තුළ හොඳින්ම එළිදරව්වීමය. මහින්ද පාලනය ඔවුහු චූන් කර ඇත. කට්ටිය නටන්නේ රෙදි නැතිවය. මේ පෙරහැර බොහෝ දිගය. ඊට දිනෙන් දින අඩව්අල්ලන්නන් එක් වෙමින් තිබේ. සියල්ලෝ ෆැසිස්ට්වාදී පාලනයකට පෙරහැරේ යමින් සිටිති. පෙරහැර බොහෝ දුර ගොස් ඇත. ඊට එකතුවූවන්ට ආපසු හැරීමක් නැත.

තිලක් කෝදාගොඩ
[රාවය- 17.05.2009]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

පුටු

අතකින් කතුර තව අතකින් වැදි හීය
අසුනට නගින තුරු හරියට කඩි ගාය
කොන්දක් ඇති නිසා හබරා පිටු පෑය
බුදුදස් කැමැත්තෙන් පැණිමුල ලෙව කෑය

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

කෙසර දද
ඇතිරිලි මත
කොළඹ
මං මාවත් වල
ශුක්‍රාණු පහ විය
ජාතිය ට
ලේ ගඳ
මානුෂික
මෙහෙයුම්
ඝන අඳුරේ ම

ලයිට් දමන්න, රෙදි ඇඳ
එලඹ ඇත්තේ මොහොත ය
කවුරුදැයි සොයා ගැන්මට
වර්ග සංහාර සංසර්ගයේ
නිදිවැදුන වෙසඟන

NOBODY BUT ME

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නැවත භෞතිකය හමුවීම.

........අපිට පොඩි කාලේ ඉඳන් ලස්සන කියලා සංකල්පයක් ඔළුවෙ හදනව. ඔය සංකල්පය මොකක් ද? සුදු වෙන්න ඕන. කොණ්ඩෙ දිගට තියෙන්න ඕනෙ. කට, නහය, ඇස් මේ වාගෙ..., තන් මේ වාගේ...., කියලා, පස්සෙ වැඩිමල් උනාම පාරෙදි හරි පංතියෙදි හරි වැඩපලේදි හරි අපි මේක දකිනවා. මොකද වෙන්නෙ, මම අතීතයෙ ඉඳල හොයාපු ආත්ම ගණනක් පෙරුම් පිරූ ඔබ හම්බුනා කියල සතුටු වෙනවා, කතා කරනවා, යාළු වෙනවා, සංසර්ගයෙ යෙදෙනවා. ඔළුවේ තිබ්බා පාර භෞතිකයක්, ඒකට භෞතිකයක් පස්සෙ හම්බවුනා පාරෙදි. ඔළුවේ ආගන්තුක සංකල්පය භෞතික ලෝකයේ හුරුපුරුදු දෙයක් වෙනවා. ගෑනු ළමයත් එහෙම හිතන්න ගන්නවා. එයාටත් ඕනෙනෙ යමක්. ඔව්.... ඇත්ත තමා කියල. පස්සෙ ලවු එක කැඩුනහම තේරෙනවා. කිසි ම සංසාර ප්‍රශ්නයක් එතන නැහැ: මගේ ඔළුවෙ තිබ්බ පාරභෞතිකයේ තරමට, කාව පාරෙදි දැක්කත් බඩු ම තමා කියලා.

අපේ වෙනස්කම් ඇතිකරන්නෙ ඔළුවෙන් කියන එක දැන් තේරෙන්න ඕන. වෙනස්කම් ඇති කරන්නෙ ඔළුවෙන්. භෞතික ලෝකයේ වෙනස්කම් නැහැ. වෙනස්කම් ඇති කරන්නෙ අපේ ඔළුව. කලූ මිනිහා සුදු මිනිහා අතර කිසි වෙනසක් නැහැ. ඔළුවෙන් හදනව අපි මෙහෙම දෙයක්. කලූ මිනිහගෙ පොල්ල අඟල් 10ක් දිගයි. සුදු මිනිහගෙ පොල්ල අඟල් 5යි. පොල්ලෙ දිග වෙනකොට රසය (තෘප්තිය) වැඩියි. මනසින් හදනවා. සමහර වෙලාවට පොල්ල දිග වෙනකොට වෙන කරදර වෙන්න පුළුවන්. සමහරවිට ඉස්පිරිතාලෙ යන්නත් පුළුවන්.

මම කොයි වෙලාවෙත් කියන දෙයක් තමා, ඔළුවෙන් හදන යෝනිය හරි සනීපයි. මාස්මිලෝස් වගේ. නමුත් ඇත්ත ඒක නෙවෙයි. සැබෑවෙ දී කරදරයි, රිදෙනවා, ප්‍රශ්න (භෞතිකය). ඔළුවෙන් හදපු භෞතික ලෝකය කසාද බැන්ද දවසේ රෑට හම්බවෙනකොට තමා යථාර්ථය තේරෙන්නෙ. කොට්ට බදාගෙන, බිම දාගෙන විකාර කරනවා. ලාංකීය පොදු පිරිමියාගේ හැටි. ලයිට් නිවාගෙන, ඛෙඩ්ෂීට් එකක් පොරෝගන්නවා. සියල්ල විය යුත්තේ අඳුරේය යන සංකල්පය. මේක තමා අපේ රටේ තියන භෞතිකයයි, පාරභෞතිකයයි අතර තියන ගැටුම. කට්ටිය ඉන්න තැන කිස් කරන්නෙ නැහැ. කවුරුත් නැති මුල්ලකට ගියොත් කිස් කරන්නෙ තොල් හපාගෙන, ලේ පෙරාගෙන. කවුරුත් අඳුනන්නෙ නැත්නම් අත දානවා.

චිත්‍ර අඳින්න කලින් අපි මේක තේරුම් ගන්න ඕන. පිරිමිකම අඩු වෙච්ච ගමන් ගම්වල පිරිමි කියනවා වචනයක් —පොන්නයා˜ කියලා. පොන්නයා කියන එකට ලංකාවේ පිරිමින්ට අදහසක් නැහැ. ඔව් මම පොන්නයා තමයි, ඔයාට මොකද ඇහුවොත්, එතනින් එහාට උත්තරයක් නැහැ.

ලාංකීය ග්‍රාමීය පිරිමියා ලිංගිකත්වය හැටියට සලකන්නේ දන්නෙ නැති කොටස. උදාහරණයක් හැටියට ගත්තොත්, ස්ත්‍රියකගේ යෝනි මාර්ගයේ එළියෙන් ඇතුළට ආරම්භ වන කොටසේ මුල හරියෙ ස්නායු වලින් තමා ඊනියා තෘප්තිය ලැභෞන්නෙ. එතනින් ඇතුළට තියෙන්නෙ රුධිර නාල ගොඩක්. ඉතිං ලංකාවෙ ග්‍රාමීය පිරිමියා හිතනවා මෝල්ගහ වාගෙ එකකින් ඇතුළට දැම්මම තමා සතුට වැඩියෙන් ම ලබා ගන්න පුළුවන් කියලා.

ඒගොල්ලො මොකද කරන්නෙ මේකෙ යට ම තමා ආතල් එක කියලා කිඳා බහින්න යනකොට නොදැනුමෙ පරාසය වැඩි නිසා ඉක්මනට යනවා. පස්සෙ ඉතිං ඉක්මනට යන එකත් කරදරයක් ලංකාවෙ පිරිමින්ට. ඒ අය හිතාගෙන ඉන්නවා වරුවක් විතර මේක තියෙන්න ඕන කියලා. එහෙම නැත්නම් ලෙඩක් කියලා හිතනවා. ඉතිං ඩෙරීඩා1 මේ සිද්ධිය තමා විසංයෝජනයෙන් කියන්න උත්සාහ කරන්නෙ. දැන් අපි පාරභෞතිකය හොඳින් තේරුම් ගත්ත කියලා හිතන්න පුළුවන් නම්, ඇත්ත භෞතික ලෝකයට එන්න ඕන. (ශක්තිය ඉතිරි කරන තන්ත්‍ර ගැන නෙමේ මම මෙතැන කතා කරන්නෙ.)

පත්තරවලින් එහෙම විමල් දිසානායකල ඔය කියන විසංයෝජනයයි අපි කතා කරපු දේවල් අතරයි සම්බන්ධයක් නැහැ. ඒක මගේ වරදක් නෙවෙයි..........

..........විසංයෝජනය කියන්නෙ සරලවම මෙච්චරයි. එළියෙ තියන භෞතික ලෝකය මනසින් නිර්මාණය කළාම, ඒ මනසින් නිර්මාණය කළ සංකල්ප බිඳ දාන්න පුළුවන් නම් ඒක තමා විසංයෝජනය කියන්නෙ. නැවත භෞතිකය හමුවීම.

පල්ලෙහා තියන ගඩොල් උඩින් හයි කරලා උඩ තියන ගඩොල් පල්ලෙහයින් හයි කළාම ඒ බිත්තිය වෙන බිත්තියක් වෙනවා.
සංයෝජනය කරන ලද දෙයක් වෙනත් ආකාරයකට සම්මත කරනව.
විසංයෝජනය තේරුම් ගැනීම අති සරලයි. ඕක තමා අමාරුයි කියන්නෙ.

අයින්ස්ටයින් කීවා ˜ලෝකය අති සරලයි. සංකීර්ණ වුනා නම් මිනිසුන් හැදෙන්න බැහැ.˜ කියලා......

දීප්ති කුමාර ගුණරත්න
උපුටනය : කලාව සහ විසංයෝජනය
(මෙම කෘතිය එක්ස් කණ්ඩායම විසින් 2002 ජනවාරියෙදී එළි දැක්වූ අතර, දීප්ති සහ ජගත් වීරසිංහ චිත්‍ර ගුරු කුලය අතර දේශපාලන සංවාදයක් ඇසුරින් සකසන ලද්දකි.)


1- ජාක් ඩෙරීඩා ප්‍රංශ විප්ලවයෙන් බිහිවූ ප්‍රංශ බුර්ෂුවා පන්තියේ ඇල්ජීරියානු සාමාජිකයෙකි. මනුෂ්‍ය චින්තනයේ අති මූලික අණුව වන ලිවීම නැමති මහද්වීපය සොයා ගත් විද්‍යාඥයා ය. අල්තූෂර්, මාක්ස්, ෆූකෝ, යූරෝ-ස්ත්‍රීවාදය, අර්ථකතන විද්‍යාව වැනි පුද්ගලයන්ගේ සහ ක්ෂේත්‍රවල පාරභෞතික උත්පත්තීන් වටහා ගැනීමට ඩෙරීඩා හැදෑරිය යුතුය. නූතන දේශපාලනයේ දී ඩෙරීඩා නොදැනීම 89 දී ජවිපෙ ජෙනරාල් වෛද්‍යරත්න ගැන නොදැනීම තරම්ම අඥානකමකි.

කලාව සහ විසංයෝජනය පසුකවරයෙන්.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මානිගේ තීරුව

Posted by Anjana Jayaweera 5.19.2009
|

Chicken a la Carte : Director: Ferdinand Dimadura | Genre: Drama | Produced In: 2005

Synopsis: This film is about the hunger and poverty brought about by Globalization. There are 10,000 people dying everyday due to hunger and malnutrition. This short film shows a forgotten portion of the society. The people who live on the refuse of men to survive. What is inspiring is the hope and spirituality that never left this people.


http://www.cultureunplugged.com/play/1081/Chicken-a-la-Carte

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

යව්වනය වෙනුවෙන් පළ කෙරෙන විදැස් සඟරාවේ මංගල කලාපය දැන් පත්තර ලෑල්ලෙන් ලබා ගන්නට පුළුවන්.


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

A poem from a software Engineer's wife.....

Posted by Koombiya 5.15.2009

A poem from a software Engineer's wife.....
To my Husband, A Software Engineer.. At 11pm

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

හෙවනැල්ල - Hewanella

Posted by Anjana Jayaweera
|


පිම්පියන්, වන්දිභට්ටයන්, වළං හෝදන්නන්ගෙන් හැඩිවුණු කලා ලෝකයේ (කලා ලෝකය යනු උන්ගේම වචනයකි- එය වෙනම ග්‍රහ ලෝකයක් කරන ලද්දේ නිහාල් පීරිස් විසිනි.), කොන්දක් තියෙන එකෙකු ගැන ආරංචි වීම, හැලීගේ ධූම කේ්තුව දැක්කා වාගේ සිදුවීමකි. එනිසාය: මේ ඉක්මන් උපුටාගැනීම.
(රාවය - මැයි 15)


මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|

DASATHA Magazine - May 2009 Released

Posted by Koombiya 5.14.2009
|

පරිවාර සම්මුතිය - TP

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා
|
|

[දේශපාලනික ඇඟවුමක් නැත. හරක් වීඩියෝවකි. ෆ න් පිණිස යැ]

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

ගණන් කර කර හිඳිමි බිෙඳන කන්‍යා පටල - සූස්තිගෙන්

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ෆිදෙල් සිය ජීවිතය වඩා යහපත් ලොවක් ගොඩනැගීම වෙනුවෙන් වියදම් කළ, තවමත් ජීවතුන් අතර සිටිනා ඒ වර්ගයේ විප්ලවවාදීන්ගේ පරපුරේ අවසානයාය. ඒ වර්ගයේ යැයි කීවේ වෙනත් බොහෝ වර්ගවල ඩමී විප්ලවවාදීන් සියරාමෙස්ට්‍රාවේ නොව ටී.වී. තුළින් සාලය මැද කඳවුරු ලා ගෙන, උදේ හවස අපට වර්ගවාදය සැන්ඩි කළ ඊනියා සමාජවාදය පොවමින් ඉන්නා නිසාය. ඇත්ත සතුරා සමග යහන් ගතවෙමින්, ව්‍යාජ සතුරන්ට එරෙහිව යටි ගිරියෙන් බෑඟිරි දෙන කක්කුට්ටන්ට මුළා වී ස්වයං මෛථුන්‍යයේ යෙදෙන සියළු ගං-මැට්ටන්ට කියවීමට සුදුසු පොතක් අභය හේවාවසම් විසින් පරිවර්තනය කොට පොත් රාක්ක වලට යවා ඇත. 1930 පමණ සිට මේ දක්වා ගත කළ අප්‍රමාණ ජීවිතයක තතු ෆිදෙල්ගේ වචනවලින්ම මේ පොත ඉදිරිපත් කරයි. සූරිය ප්‍රකාශනයකි.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


ජය පැන් සාදයට පෙර සංහාරය ගැන වචනයක්
(වික්ටර් අයිවන්ගේ ලිපියකට භාෂණගේ ප්‍රතිචාරයකි.)

අප්‍රේල් 19 වෙනිදා රාවය පත්‍රයට මම ලිපියක් ලීවෙමි. ඒ, වර්ග සංහාරය ගැන වික්ටර් අයිවන් ලියූ ලිපියකට පිළිතුරු වශයෙනි. අයිවන් මතුකොට තිබූ කරුණුවලට පිළිතුරු වශයෙන්, වර්ග සංහාරය ගැන අන්තර්ජාතිකව පිළිගත් නීතිමය අර්ථ නිරූපණය කුමක්දැයි මම එහි ලීමි. දැන් දියත් කොට ඇති යුද්ධයෙන් මුදුන්පත් කරගැනීමට අපේක‍ෂිත දේශපාලන අභිප්‍රායයන්ගේ වර්ග නාශක හරය කෙබඳුදැයි පහදන්නට හමුදාපතිවරයාගේ පටන් රජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් දක්වා වන බළධාරීන් විසින් කළ ප්‍රකාශ උපුටා දැක්වීමි. ඒ අභිප්‍රායයන් ප්‍රයෝගිකව සාක‍ෂාත් කරගැනීම අරමුණු කොටගත් යුද සැළසුම්වල ප්‍රතිවිපාක මොනවාදැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියැවිලිවල පටන් ආනන්ද සංගරීගේ ප්‍රකාශ දක්වා මූලාශ්‍ර උපුටා
දක්වමින් එහි විස්තර කළෙමි. උතුරේ සන්නද්ධ නැගිටීම, 1989 දකුණේ සන්නද්ධ නැගිටීම හා සංසන්දනය කළ නොහැක්කේ මන්දැයි නිදසුන් සහිතව පෙන්වා දුනිමි. යුද්ධයේ වර්ග සංහාරක අභිලාෂය සනාථ කරන්නට, මුළුමහත් දෙමළ ජනයා යුද මුක්ත කලාපයේ ජීවත් වීම අවශ්‍ය නොවන්නේ ඇයිදැයි පැහැදිලි කරනු වස් ජාත්‍යන්තර යථාර්ථයන් ඇසුරෙන් කරුණු ගෙනහැර පෑවෙමි.

සතියක් ඇවෑමෙන් 26 වෙනිදා රාවය පත්‍රයට වික්ටර් අයිවන් පිළිතුරක් ලියා තිබේ. ඔහු කලින් කී කිසිත් එහි නොකියයි. මා විසින් ලියන ලද එක් කරුණක් හෝ පදනම් විරහිත බව ඔප්පු කරන්නට සමත් එකදු සංයුක්ත සාක‍ෂියක් හෝ ගෙනහැර නොදක්වයි. ඒ වෙනුවට ඔහු මෙසේ ලියයි: භාෂණ හදන්නේ දෙමළ සංහාර මැල්ලූමකි. (ජයන්ත සෙනෙවිරත්න) මහාචාර්යවරයා කරන්නේ ඊට ලූණු ඇඹුල් එකතු කිරීමකි. ඔය විදියට තර්ක කරන්නේ කොටින්ගේ ආධාරකරුවන් ය. ඔය තර්ක එන්නේ කොටින්ට කිලිනොච්චිය අහිමි වූ නිසා ය. බෘෘස් ෆීන්ගේ තර්කද ඔවැනි ය. වර්ග සංහාරය ගැන තර්ක ඇත්තේ කොටි හිතවතුන් අතරේ ය.

කදිම ය. රමණීය ප්‍රජාතන්ත්‍රික පිළිතුරකි. ලාංකීය ගාන්ධිවාදයට ජයවේවා.......

සම්පූර්ණයෙන් කියවන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

“ALL ANIMALS ARE EQUAL. BUT SOME ANIMALS ARE MORE EQUAL THAN OTHERS''

(සියලූ සතුන් සමානය. නමුත්, සමහර සතුන් අනිත් උන්ට වඩා වැඩියෙන් සමානය) මේ උධෘතය GEORGE ORWELLගේ ANIMAL FARM කෘතියෙන් උපුටා ගත්තකි.

ඉහත කියමන පරම සත්‍යයකි. අයිතිවාසිකම් ගැන කියන විට හැමෝම සමානය. එහෙත් තෝරු මෝරු බදු බලවත් පුද්ගලයන් වැඩියෙන් සමානය. අධ්‍යාපනය ගත්තාම කොළඹ ඉස්කෝලයත් මොනරාගල හුලංදාව ඉස්කෝලයත් අතර සමානකම් මීට හොද නිදර්ශනයකි. ඉස්පිරිතාල ගත්තත් එහෙමයි. මේ සමානකම නිකං සංකල්පයක් විතරමයි. හරියට ඇමැතිතුමා ගේ පුතෙකුයි මේ
ලියන මායි ගත්තම අහවල් සමාන කමක්ද?

නුවරඑළියේ දිස්ත්‍රික්කයේ වලපනේ, මතුරට වගේ ප්‍රදේශත් බදුල්ල දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශත් වැඩියෙන් හාද වෙලා තිබුණෙ මහියංගනය සමගයි. මේ ප්‍රදේශ සමන් දෙවියන්ට අයිති වෙලා තියෙන්නේ. එදා බල ප්‍රදේශ, අද ප්‍රාදේශීය සභා පළාත් සභා ක්‍රමයට වෙනස්. දෙවියන්ට අයත් පළාත් පසුව ප්‍රානීන් (ප්‍රා.ආ.නි) ප්‍රාදේශීය ආදායම් නිලධාරීන්ටත් පසුව දිසාපතිවරුන්ට අයත් විය. කාට මොනවා අයිති වුණත් ජනතාව හැමදාම දුක් විදිති. ජෝර්ජ් ඕවල්ගේ ඉහත කතාව අපේ භාෂාවට පරිවර්තනය කළොත් කියන්නට වෙන්නේ කොළඹට කිරි අපට කැකිරි කියාය.........

සම්පූර්ණයෙන් කියවන්න.


සුනාපරන්තවාසී අමරසිරි වික්‍රමරත්න

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


මැර්වින්ගේ පුතුට මාතර අසුන
(පුවතක්)

කැළණි ගෙඟ් ඉන්නා කිඹුලගෙ පැටියා
මාතර ගඟට දක්කන්නට යන සැටියා
අප්පා මග හළොත් ඌ නොට්-ටිගෙ පුතයා
ගේමක් නැතුව දියවන්නා යන සැටියා

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

නුඹ මට පහනක් මැයි


මුල්ලෙයිවයික්කාලේ ලේ ගලන විට
මහවැලි නදිය ඉනුවා නුඹ නෙත් අගට
කටුනායකින් යුද යානා නගින කොට
නුඹ හදවතේ ෂෙල් වෙඩි හඬ ඇසුනි මට

”මේ සිංහල අපගෙ රටයි”
සුවහසක් මොරදෙන විට
”මේ සිංහල දෙමළ රටයි”
නැඟුනු හඬ නුඹේ මයි

”ඒකීය රාජ්‍යයක්”
”නෑ! බිඳුනු දේශයක්”

කසාවත් පොරවා
කැති මන්නා හොයන සබා මැද
යුක්තියේ සුදු කොඩිය වැනුවේ නුඹ

මැරෙන සියක් දහසක් දන
මරන උන්ට ඔල්වර දෙන
ඇඳි වතද උගස් කොට
දෙමළ මස් ම ඉල්ලන
සනුහරෙන්
ඉල්ලා අස්වන ලිපිය ලියන මට

යුද වේරම්බ වාතයෙන්
තල් ගස් ද පොල් ගස් ද ඉදිරෙනා යාමයක
තනි පයින් සීගිරි ගිරි හිස
විකුම් පාන නුඹ

ගිනි හුලකි
මිනි ටැඹකි
කවියකි
අවියකි



නො නමි
2009 මැයි 10

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Seconds by Boman (Nalin de mel)

Posted by Buru Babe

යෝනිය නුඹය උත්තරීතර මාතෘත්වයේ දොරටුවය;
ඇය සිනහ සලන්නිය ඇසූ කල ඒ වදන
යෝනිය නුඹය අධම නීච වෙසත්වයට පත් වන්නෙ ද
ඇය අහක බලා ගෙන සලන්නට විය කඳුලු

[පිරිමින් මෙ සෙල්ලමෙ
නීති දන්නා බැවින්
ඇයගේ කඳුලු නම් කර ඇත
කිඹුල් කඳුළූ ලෙස]
පියයුර;
නුඹ දරුවන් වඩන්නට
හිරු සදිසි කිර දෙන්නෙය
උත්තරීතර කතාවෙ ප්‍රොටගැනිස්ට්ය!
"මෙ ලොව සියළු දේ ගොඩ නැගුනේ
හිරුගේ එලියෙන් සහ
මවුගේ කිරෙනි"
ඉදින් ඒ මව් කිර දෙන පියයුර
නුඹ පූජනීය වෙ
වැඳිය යුතු පූජනීය පියයුර
දරා සිටිනා ගැහැණිය
යෝනිය නම් වූ කිලි කුණපය ද
දරා සිටින්නිය
දරුවන් වදද්දී පූජනීය වන යෝනිය
ශිෂ්ණ එකක් එක්ක පූජනීය වද්දී
ශිෂ්ණ දෙකක් වූ කල
අධම වෙසාවක වන්නේ කෙසේ දැයි
සොබා දම් මව් නොදනී
පියයුරත් යෝනියත්
වෙන් කරන බෙදුම් රෙඛාව
ශුද්ධත්වය සහ අශුද්ධත්වය ලෙස
ඇඳ ඇත්තේ පුරුෂ ලිගුවෙනි
නැබ හරහා මවුන් ගෙන් කැපී වෙන්ව ගිය
පෙකෙනි වැල
ඒ අතීත සම්බන්ධය
යලි උපදින්නේ නුඹ මල්වර වූ දිනය
යෝනියෙන් ගලා එන ප‍්‍රථම ඩිම්බය රැගත්
ඒ රුධිර ගංගාව
නුඹගේ පූජනීයත්වයේ මහා ගංගාවයි
කිල්ල; ඔව් එයම කිල්ල යැයි නාමකරණය වෙ
නුඹ ඒ දවස් කීපෙට කිල්ලකි;
ඩිම්බ රුධිර ගලා හැලෙන ඒ දවස්
යටි බඩින් කාරා එන
යටි බඩ හඩා වැළපෙන
මිහි කත නුහුලන
ඒ කුණප දොස් දාහය
කිල්ලකි
ශිෂ්ණයකට අගුණ විය හැකි
වෙනම යහන් ගබඩාවකට නුඹ තල්ලු වන
කිලි කුණපයකි ගැහැණිය ඒ කලට
සඳ හා බැඳ දමා;
තවත් පුරුෂ නීතියකින් නුඹව තලා දමා
අසුබ නිමිත්තක ලෙස සුබ ගමනකට ද නුඹ නොගන්න
මෙ සද් පුරුෂ ලෝකය
තව තවත් දණ නමා නමස්කාර කරව;
සඳෙහි ආවර්තයම නුඹට ගාවා
නුඹෙ හෝමෝන ග‍්‍රහයන්ට පවරා
"රහස් අවයවය" සහිත නුඹ
පිළිකුල් වස්තුවක් සගව ගත්
මැජික් වස්තුවක් කර ඇත්තේ
පිරිමින්ගේම විනෝදයට මිස
වෙන කුමකටදැයි යෝනියේ නුඹ සිතුවාද?
[නුඹ මැජික් වස්තුවක් ලෙස
සුරකින පුරුෂ ලෝකය
මෙ හදන්නේ බ්‍රෙයිලරයකු බව
නුඹ දැන ගන්නා විට නුඹ වෙසාවක ලෙස හංවඩු ගසා ඇත
නිර්මල පුරුෂ ලෝකය විසින්]
නුඹ පිරිමි ලෝකයට අවනත
ලිංගික සැහැසි බවෙ කන්‍යාභාවය පලන්දා
යෝනිය නම් වූ බෝගම්බර සිර ගෙදර රඳවා
විවාහය නම් පාරාදීසය නුබ කරා එන දිනය එන තුරු
යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය
ඇල්ලීම තහනම්ය -බැලීම තහනම්ය -සිතීම තහනම්ය
ඒ වෙනුවට නුඹ අයිස් ක‍්‍රීම් කරත්තයක් මෙන්
සිරුරෙ අන් සියළු තැන් හැඩ වැඩ කර
දර්පණ ප‍්‍රතිබිම්බයට පෙම් කළ යුතුය;
නාසිසස් සේ සියළු පිරිමින් නුඹ සිරුර පැතුවද
එය කිසිවකුටත් නොදී සිටිය යුතුය
කොටින්ම නුඹ සියළු පිරිමි ආශාවන්ගේ
කේන්ද‍්‍රය විය යුතුය
ලෝකය කරකැවෙන අක්ෂය විය යුතුය
අක්ෂය අංශක විසිතුනහමාරක් ඇල වුන ද ලෝකය
නුඹට අංශක එකසිය අසූවක් ඇල වීමට සිදු වීම
කොයි තරම් අකාරුණික පුරුෂ නිර්මිතයක ද?

යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය
එය සුරැකිය යුතුය
නුඹට නීති දසපනත ලූ
පාදඩයාට රස විඳින්නට
එතෙක් එදෙසවත් නොබැලිය යුතුය
මක් නිසාද යත්
යෝනිය පිරිමි ලෝකයේ මහා මැජික් පොල්ලෙන්
ශුක‍්‍රාණු වර්ෂාවෙන් පෙගී සරු පස පෙරලී
ඊළග පරම්පරාවෙ කළල දරන්නට ඇවැසි බැවින්
නුඹ පමණක් ශුද්ධ ලෙස
ඒ අපවිත‍්‍ර යෝනිය පවත්වා ගත යුතුය

[ශිව ලිංගය වන්දනා කරත්
යෝනියක් වන්දනා කරන
කිසිවෙක් නොවෙ
පෙම් කරන කළ පමණි
පෙම්වතුන් ඒ යෝනිය
රස බලන්නට වන්දනා කරන්නේ
විවාහෙට නම් පෙර පමණි

යෝනිය;
පෙම් කරනා විට
අමා රස විල
කසාදෙන් පසු
තිත්ත කරිවිල]

නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය
නුඹෙ යෝනිය වසා ඇති කිල්ල නම්
පුරුෂ කුහක නාමකරණය ය
නුඹ වුවන සඳ සදිසි කළ කිසිදු කවියෙක් ලීවෙද
නුඹෙ පූජනීය දෙවොල ගැන
මින් පෙර කිසි කලෙක?'
නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය
එය
තවත් එක ශරීර අවයවයක් පමණි
ඒ අනිකුත් සියළු අවයව මෙන්
එහි කිසිදු රහසක් නැත; කිල්ලක් නැත
එය කිසිදු රහස් අවයවයක් නොවෙ
කැත හා ලස්සන
බෙ වොච් නිර්මිතය
වෙළඳ පොළ කූටත්වයකි සබඳිනිය;
දරුවන් නොදරන
ස්ලිම් බොඩිය
ඉග සුග ගත හැකි මිටින
කාමාවචර පළඳනාවකි

මුදා ලා මෙ පිරිමි බැමි; මෙ දෙබිඩි බවින්
නිදහස් වෙයන්
යෝනි සිපිරි ගෙයින්...

ඩෝසන් ප‍්‍රීති 200905

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

බුද්ධ වර්ෂ‍ 2553 By Lihini

Posted by Buru Babe 5.08.2009

සාමකාමී, ආගන්තුක සත්කාරයේ ලැදී මිත්‍රශීලී ධාර්මික ජනතාවක් සිටින ධර්මද්වීපයේ 2553 වන බුද්ධවර්ෂ‍යේ ආරම්භය සනිටහුන් කරමින්; දිට්ට ධම්ම වේදනීය කර්මය වෙන කවරදාටත් වඩා හොදින් පෙන්නුම් කෙරෙමින් පවතින රටක, එම කර්මය මෙන්ම කර්ම විපාකයද නෙතින් දකින, කනින් අසන එම දුකෙහි කොටස්කාර සමාගමයේද, එසේ කර්ම විපාකය පල දෙනවුන් ‍දෙසබලා එම විපාක ඵලයෙහි සතුට බෙදාගන්නා භුක්ති විදින්නන්ගේ සමාගමයේද අනාරාධිත නිත්‍ය සාමාජිකත්වය ලැබූ රටවැසියෙකුගේ දැක්ම;
නීතියෙහි කන්‍යාවගේ දෑස් බැද පොලිසිය තොවිල් නැටීම ලිපිය තුළ කතාබහ කෙරෙන්නාවූ සිදුවීම් පසුගිය කාලය පුරාවටම තැනින් තැන විවිධ වේශයෙන් නිරන්තරව සිදුවෙමින් පවතී, අක්මීමන කවීන් රශ්මික හා තනුජා අයිරාංගනී ගේ ඝාතන සිදුවූයේ වර්ෂා දැරිය‍ගේ ඝාතනය සිදුවී යන්තම් මසක් ඉක්මයද්දීය, එහි කෙළවර වර්ෂා ඝාතන සැකකරුවන් සියලුම දෙනා නඩු නැතිවම උන්ඩයට ගොදුරුවූ අතර කවින් හා තනුජාගේ ඝාතනවල සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක්, පොලිස් වෙඩි පහරින් මියගියේ පොලිසියට වෙඩි තැබීමට කළ උත්සාහයකදීය. අනෙකා නාදුනන පුද්ගලයින් විසින් ඝාතනය කෙරිනි. එයින් දෙසතියක් යන්නටත් පළමුව නැවතත් මඩකලපුවේ කෝට්ටමු‍ණෙයි කුඩා දැරියක ඝාතනය කෙරැණු අතර එහි සැකකරුවන් යැයි සැකකල පුද්ගලයින් පොලිසියට වෙඩි තැබුමට කළ උත්සාහයේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත්විණි.

උතුරේත් දකුණේත් දෙකොන විලක්කු ඇවිලෙද්දි උතුරු නැගෙනහිර සිදුවන මෙවැනි අපරාධ ළමාආරක්ෂක දෙපාර්තමේන්තුවේ සභාපතිතුමා විසින් පශ්චාත් යුද ගැටුම් සහිත සමාජයක
සිදුවීම් ලෙස අර්ථදක්වයි. එහෙත් දකු‍ණේ සමාජය තුළ සිදුවන එබදු අපරාධ, ‍අර්ථ ගන්වා ගන්නේ කෙසේද යන ගැටළුව අප ඉදිරියේ ඉතිරිව පවතී.

දෙවනුව පොලිසියට අනුව මේ සියල්ල නීති විරෝදී අවිදරන කණ්ඩායම් මගින් සිදුකරනුලැබූ ඒවායි. එහෙත් ගැටළුව වන්නේ මේ සියල්ලෙහි දේශපාලන සැගවුම් යතාර්ථය කුමක්ද යන්නයි. තෙවැන්න මේ සියළුම සිදුවීමි හරහා මතුකෙරෙන්නාවූ අනාරක්ෂිත ගිනි අවි පිළිබද කතාවයි. ‍‍ මැරයින් පාතාල නායකයින් ආදීන් පමණක් නොව ගම්මැද්දක පිහි ඇනුමක ඝාතකයින්ද අවසානයේ අත් බෝම්බ, හා තුවක්කු ‍සැගවු තැනින් එළියට ‍ගෙන පොලිසියට කොකා පෙන්නන්නට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවයි.

ගම් නියම් ගම් සිසාරා හමා යන ප්‍රචණ්ඩත්ව‍ය ගිනි අවි, අත් බෝම්බ, තවත් ජීවිත කීයක් බිළිගනීවිද? අප තව කෙතෙක් කල් බලා සිටිය යුතුද යන ගැටළුව අප ඉදිරියේ පවතී. අතීතයේ දිනක සන්බබා නමින් හැදින්වූ වරෙන්තු කරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ අවස්ථාවේදී; එම සැකකරු විලංගු සහිතව පොලිසියට අත් බෝම්බ ගැසීමටගත් උත්සාහය අධිකරණය ඉදිරියේ නිරූපණය කිරීමට වාද්දූව පොලිසියේ නිළදාරියෙකුට සිදුවූ අකාරය අමතක කළ නොහැකිය.‍ එය එසේ සිදුවුයේ අධිකරණයේ අපක්ෂපාතීත්වය සමාජයට පෙන්වීමට පමණක්ද යන්න තවත් ගැටළුවකි.

මේ සියල්ල අවසන ත්‍රිවිධ හමුදාවට පොලිසියට අමතරව ලංකාව තුළ ගිනි අවි භාවිතා කරන පිරිස, හා ගිනි අවි භාවිතය පිළිබද අව‍බෝධයක් ඇති පිරිස සුළු පරිමාණ වශයන් ගත හැකිද? ඒ සම්බන්දව අපේ මැදිහත්වීම ප්‍රමාණවක්ද? අධිකරණය මේ පිළිබදව අවධියෙන් සිටීද? වරද කරුවනට දඩුවම් ලබා දෙන්නට, නඩු අවැසි නොවන රටක හෙට දවස ??????

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

භගවත් සඳ පායා-ඩෝසන් ප‍්‍රීති

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා

භගවත් සඳ පායා

එසඳ
බුදු හිමි නගා කිත් ගොස
ඇවුරු පියුමක නිකෙලෙස පිනි ලෙස
වදාරා සද්ධර්ම සත වෙත
පවාරා සත් කිරිය ලෝ වෙත

කාල කල්ප යුග ගෙවී අද ඇත
ඇද වැටී සත් දහම් පිලිරුව
මෝහාන්ධකාර වෘත ද ලැග දොස
අපිස් සැනැහුම් සැගව අවසග

පංච වර්ණෙන් වෙලී තිර පට
නැගී තුගු බඳ සැලී මදනල
පවන් සේ ඇල් හමා දස දෙස
නිවී යයි මැටි පහන් තිර රැස

අවිදු අඳුරෙ දනන් රොද බැඳ
දෙව්දතුන් සිල්වතුන් වෙස් බැඳ
අමදිමින් වැලි මළුව මනු බිම
දහ අතේ පට සිවුරු ගැට නැග

බලව සකියනි වෙසක් සඳ අද
නගර බිහිදොර නැගුනු අරමෙක
වැඩ සිටින අර දෙව්දතුන් තෙර
නොහැක හැඳිනිය; වැදුම් පිදුමෙන

මහ පොලොව දෙදරා ද ඒ සඳ
දෙව්දතුන් ඇද වැටුන රසතල
එමත අප හැම වැටී දණ ඇන
වදිමු බග සඳ නොදැක මොක් පුර

ඩෝසන් ප‍්‍රීති
200905

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මුසාවාද - රසික සූරියආරච්චි

Posted by Thushari Priyangika - තුෂාරි ප්‍රියංගිකා
|

දික්කසාදය -වර්ණ රසිකා

Posted by ඩෝසන් 5.07.2009

දික්කසාදය

නොපිපුනු මල්
නෙලන්න ගොස්
සුපිපුනු මල්
අතහැරීම........!


වර්ණ රසිකා
2009

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|




සිංහබාහු ගේ ලොකු බඩ බැස ගොස් ඇත. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකු විය. සියවස් ගණනකට පසු මහාසිංහලය මුහුණදුන් දරුණුතම ආර්ථික අර්බුදය නිසා වැටුප් නොලැබීමෙන් ඔහුට දින ගණනකින් කෑමට යමක් නොලැබී ඇත.

ප‍්‍රභාකරන් පොළොව මත වැතිරී සිටී. වසර ගණනාවක් දුෂ්කර ක‍්‍රියා කොට දුක්විදීමට පුරුදු වුවත් පුදුමාතලන් යුධමුක්ත කලාපයේ පසුගිය දිනවල ආහාර කිසිවක් නොවූයෙන් උඩු රැවුල පමණක් ඉතිරිව ඇග සියල්ල බැස ගොස් ඇත.

කිසිදා නොවිදි දුකක් විදින සිංහබාහුට ඇති එකම බලාපොරොත්තුව මහින්ද මහතා කෙසේ හෝ IMF එකෙන් ණයක් ගෙන තමන්ගේ පඩි ලබා දේ යන බලාපොරොත්තුවයි. පශ්චාත් හිමිනමක් හෙවත් හීරළුවෙකු වූ ඔහු තමන්ට නිකං කෑමට තිබූ අවස්ථාව ගැහැණියක නිසා අහිමිවීම ගැන නිරතුරුව පසුතැවිණි.

වසර තිහක කෙරුම් වතුරේ ගොස් ඇති ප‍්‍රභාකරන් UN එක හෝ මොකෙක් හෝ ඇවිත් තම පණ බේරාගන්නා තෙක් රැදී සිටීම ජීවත් වීමට ඇති එකම අරමුණයි. සිය අන්තර්ජාතික මිතුරන් ගැන ඔහුට දැවැන්ත විශ්වාසයක් ඇත. ඔවුන් කෙලෙස හෝ පැමිණ තමන් රැගෙන යන ආකාරය ඔහු පෙර දින සිහිනෙන් ද දුටුවේය.

ප‍්‍රභාකරන් මුළු වැරම යොදා නැගිට්ටේ හදිසි රතිඤ්ඤා හඩ නිසාමය. තමන්ටද නොදැනී තමන්ව කොටුකර වත්දැයි ක්ෂණයෙන් ඔහුට සිහිපත් විය (වෙඩි හඩ හා රතිඤ්ඤා අතර වෙනස ඔහු හොදින් අදුරයි). හදිසියේ ඇසුණු රතිඤ්ඤා හඩ නිසා තිගැස්සුණු සිංහබාහු ද(ඔහු රතිඤ්ඤා හො වෙඩි හඩ වෙන් වෙන්ව හදුනන්නේ නැත. වෙඩි ශබ්දයක් වුවද රතිඤ්ඤාවක් යැයි ඔහු සිතයි) පුදුමයෙන් ඉස්සී බැළුවේ කන්ට නැතිව හාමත්ව සිටින රටේ රතිඤ්ඤා දමන්නේ මොකකටදැයි විමසීමටය. මහින්ද උතුමාණන් මේ ඡුන්දයද ජය ගන්නට ඇතැයි පසුව ඔහුට සිහිපත් විය. අමාරුවෙන් ඔහුද අත්පුඩියක් ගැසීය.

ඒ ක්ෂණයෙන් එක් වරම ප‍්‍රභාකරන් අත්පුඩි ශබ්ධය ආ දෙසට හැරී බැලීය. ඒ සමගම සිංහබාහු තම වම්පස දෙස බැලීම නිසා ප‍්‍රභාකරන් ගේ හා සිංහබාහුගේ දෑස් එකිනෙක ගැටුණි. තමන් දෙපළ මේ ඝන කැළයේ මීටර් 20 ක් තරම් වන සමීපයේ බව දැනුනු සැණින් දෙදෙනාටම දෑස් අදහා ගත නොහැකි විය. මද වෙලාවක් දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන සිටියේ කිසිදු හැගීමකින් තොරවය.

දුෂ්කරතා මැද සිතන්නට පුරුදුව සිටි ප‍්‍රභාකරන්ට සිතිවිලි ගලාගෙන ආවේය.
තමන් අන්ත අසරණව අතරමංව සිටින විටෙක තමන්ව ඒ තත්ත්වයට පත්කළ සිංහබාහු තමන්ට මේ මොහොතේ හමුවේ යැයි ඔහු කිසිසේත් අපේක්ෂා නොකළේය.තමන් වසර ගණනාවක් දැඩි කැපවීමක් කොට සොයා ගිය පුද්ගලයා අවසාන මොහොතේ දැකීම ඔහුගේ වෛරය අළුත් කළේය.

තමන්ට ඉතා දැඩි දුක්ඛදායක තත්ත්වයකට පත්කළ පුද්ගලයා මේ අවස්ථාවේදී මුණගැසීම නිසා එක් වරම සිංහබාහුට ගැස්මක් ඇතිකළේ බියටද තරහටද යන්න සැකසහිතය. ප‍්‍රභාකරන් කෙරෙහි වන වෛරය ලේ වල පටන් එන්නක් යැයි විශ්වාස කළ ඔහුට මේ සිදුවීම දෛවෝපගත විය.

එක්වරම සිංහබාහු හඩ උස්වී ප‍්‍රභාකරන්ව රුදුරු ලෙස ඇමතුවේය (මෙහිදී අදහස් හුවමාරුව භාෂා කිහිපයකින් සිදු වූ අතර ඒවායේ සිංහල උපසිරැසි පමණක් සදහන් කරමි)

”පර දෙමළා”

ශක්තිය හීන වී සිටි ප‍්‍රභාකරන්ටද ඇඞ්රිනලීන් කි‍්‍රයාකාරී වීම නිසා එකවර ශක්තියක් ලැබිණි.

”කැ.. සිංහලයා”

පණයන්න මොහොතකට පෙර මෙන් දිගාවී සිටි දෙදෙනාටම අමුතු ශක්තියක් පහළ විය.

” උඹ මොකද යකෝ මෙහේ කරන්නේ” එක් වරම ප‍්‍රභාකරන් විමසුවේය.

සංවාද සභාවකදී ප‍්‍රතිවාදියා අසන ප‍්‍රශ්ණයක් මෙන් දැනුනු සිංහබාහු ක්ෂණිකව ආරක්ෂාකාරී විය.

”මම අපේ රට යකෝ, අපිට මේකේ ඕන තැනක ඉන්න පුළුවන්”

”මේක අපේ රට , උඹලට ඉස්සෙල්ලා අපි මෙහාට ආවේ”
බාලසිංහම් කලකට පෙර තමන්ට කියා දුන් ඉතිහාස පාඩමක් ප‍්‍රභාගේ මතකයට ආවේය.

”හහ්........ එහෙම කොහොමද? තොපි මේ නිකං ඉන්දියාවෙන් පාත් වෙලා එනවා අපිට කෙළින්න” සිංහබාහුට තමන් ඉගෙනගත් ඇකඩමික ඉතිහාසය මතක් වුණි.

”ඇයි උඹලා ආවේ බල්ලගේ පු..........න්ද? උඹලගේ ඉතිහාසේ කියලා දෙන්නෙ නැද්ද උඹලා ආවේ ඉන්දියාවෙන් කියලා.....” ප‍්‍රභාකරන් තමන්ගේ වසර තිහක් පැසවමින් තිබූ වෛරය ටික ටික වචන වලට පෙරලීය.

”අපි ආවේ ඉන්දියාවෙන් තමා .......... පුතෝ, හැබැයි තොපි ආවේ අපිටත් පස්සේ හරිද?”ඒ සිංහබාහුගේ පිළිතුරයි.

”කෙහෙම්මල, අපි රාවණාගේ එවුන්, අපි තමා මෙහේ මුල් පදිංචිකාරයෝ හරිද? ”

ප‍්‍රභාකරන්ගේ උඩට අඹරවා තිබූ රැුවුල දැකීමෙන් ඔහුට රාවණාට යම් සමාන කමක් තිබෙන බව සිතුණි. ඉතිහාසය කතා කිරීම වෙහෙසකරවූ නිසා සිංහබාහු තමන්ට දරාගත නොහැකි ආකාරයේ ගැටළු එන විට වාද සභාවන්හිදී කරන්නාක් මෙන් (මෙය විශ්ව විද්‍යාලයේදී කළ නොහැකි වූයේ සිසුන් ද ප‍්‍රතිප‍්‍රහාරයන් එල්ල කරන බැවිනි*තම ප‍්‍රතිවාදියාට පහර දීමට යමක් සෙවීය.

අනෙකාගේ පහරදීම් ගැන සහජ ඉවක් තිබූ ප‍්‍රභාකරන් තමන්ට පහරදීමට සැරසෙන සතුරා වෙතට දිවගියේ ඔහුට පහරදීමට යමක් අවට නොතිබූ බැවිිනි. මෙය දුටු සිංහබාහුද ප‍්‍රභාකරන් වෙතට තමන්ට හැකිතාක් වේගයෙන් දිවගියේය. මෙම දර්ශනය පැරණි ග‍්‍රීක සටනක් සිහිපත් කළේය. ඉතිහාසය වෙනස් කළ සතුරන් දෙදෙනෙකු මුහුණට මුහුණ සටන් කිරීම සදහා වේගයෙන් දිව එන්නට විය.

එක් වරම දෙදෙනාම දෙදෙනාට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරිම සදහා සිය මුළු ශක්තියම යොදා අහසට නැගුණේ Matrix ආකාරයේ ප‍්‍රහාරයක් එල්ල කිරීම සදහාය. පාලනය ගිලිහුණු වැරුහුණු ශරීර ද්විත්වයක් අහසෙදි එකිනෙක ගැටුණේ බොල් හඩක් නගමිනි. එසැනින් තමන් ආ පසටම විසිවී වැටුනේය.

තම තමන්ගේ දුර්වලතාවයන්ද අමතක කරමින් දනිපනි ගා නැගිට සිටි දෙදෙනා එක ගොඬේ පොරකෑමට පටන් ගත්තේය. ඒ අතරතුර අසභ්‍ය වචන වැලක් සමග සභ්‍ය වචන කිහිපයක් ද ඇසුනේ පොරය අතරතුරදීමය.

”තොපි අපේ හාමුදුරුවරු මැරුවා..........”
”තොපි අපේ කෝවිල් වලට බොම්බ දැම්මා”
”අහිංසක මිනිස්ස,ු කිරි සප්පයො මරලා දැම්මා”
”හමුදාව අපේ කෙල්ලෝ දූෂණය කළා”
”අපේ ගම්වල මිනිස්සු පැන්නුවා”
”අපේ ගම්වලට සිංහල නම් දැම්මා”

හදිසියේම බෑවුමකට දෙදෙනාම තල්ලූවූයෙන් ෂාරුක් ඛාන් හා මනිෂා කොයිරාළ දිල් සේ ගීතයේ පෙරලී යනවා මෙන් ආදරයෙන් නොවූවත් දෙදෙනාම පල්ලමකට පෙරලී යන්නට විය.

පල්ලම අවසන් වූ සැණින් දෙදෙනාම ජැකී චන් හා චක් නොරිස් මෙන් නැගිට දෙපසට වූ අතර එතැන්පටන් සිදුවූයේ අත් හා පය භාවිතා කොට තම සියළු ශක්තීන් එක්කොටගත් වියරු සටනකි. (එය තේරුම් ගැනීම පහසු වීමට පහත යතුර භාවිතා කරන්න*

දඩ - දකුණත් පහර බඩ - වමත් පහර ඩුෂ් - වමත පා පහර බුෂ් - දකුණත් පා පහර

ප‍්‍රභාකරන් - දඩ, බඩ
සිංහබාහු - බඩ, දඩ
(ප‍්‍රභාකරන්ගේ වම් පයක් දියවැඩියා නිසා ආබාධිතව තිබූ අතර ඔහු පහර එල්ල කළේ දකුණු පයෙන් පමණි)
සිංහබාහු - බඩ , බුෂ්
ප‍්‍රභාකරන් - දඩ, බුෂ්
සිංහබාහු - දඩ, බුෂ්, බඩ, ඩුෂ් //
ප‍්‍රභාකරන් - බඩ, බුෂ්, දඩ, බුෂ් //
ප‍්‍රභාකරන් - දඩ, බඩ, දඩ, බුෂ්
සිංහබාහු - බඩ, බඩ, දඩ, ඩුෂ්

මේ ආකාරයට කැම්පස් කොල්ලන් ගහගන්නවා මෙන් උද්යෝගිමත්ව, අනුකම්පා විරහිත ලෙස මෙම සටන පැවතුණු අතර දෙදෙනාගේම ක‍්‍රම ක‍්‍රමයෙන් ශක්තිය බාල වන්නට විය. සිය අන්තිම ප‍්‍රහාරය දියත් කිරීම සදහා දෙදෙනාම අහස නැගී සිටියේ චීන සටන් චිත‍්‍රපටයක් සිහියට නංවමිනි.

දෙදෙනාම බුෂ්, බුෂ් ගා පා පහරවල් දෙකක් එකිනෙකාගේ යටිබඩ ඉලක්ක කොට ගෙන පහර දුන් අතර එය දෙදෙනාගේම ඉලක්ක ගත ප‍්‍රදේශය වෙත සාර්ථකව එල්ල එ සැනින් ප‍්‍රදේශය දෙදුරුම් කන්නට සමත් ශබ්දයකින් දෙදෙනාම කෑ ගැසීය. මීටර් 3ක් පමණ දුරකින් දෙදෙනාම මහ පොළොවට ඇද වැටුණේ මහා ගස් දෙකක් බිමට ඇද වැටුණාක් මෙනි. ලේ පිරුණු කට ඇරගෙන මද වේලාවක් නිසොල්මන්ව සිට එක් වරම වෙව්ලා ගොස් දෙදෙනාගේම කාලය නතරවූවාක් මෙන් විය. (චිත‍්‍රපටයක් පෝස් කරා මෙන්) වෙලාවක් උඩට හුස්ම අල්ලා සිට මෙකී ඓතිහාසික චරිත ද්විත්වය සිනමාත්මකව එකම තත්පරයේදී ”හෝස්” ගා අවසන් හුස්ම හෙලීය.

End යනුවෙන් තිරය මත දිස්වුණි.
නම් වැලක් තිරය මත දිස්වූ අතර ඉන් මට මතක නම් කිහිපයක් පමණි.

තිර රචනය - එරික් සෝල්හයිම්
නිෂ්පාදනය - ඉන්දියා, ඇමරිකානු සම නිෂ්පාදනයකි.
අධ්‍යක්ෂනය - එක්සත් ජාතීන්ගේ සංවිධානය.
සම්පත් දායකත්වය - ඇමරිකානු, ඊශ‍්‍රයල්, ඉන්දීය, පකිස්ථාන හා ස්වීඩන් ඇතුළු රටවලට අයත් ආයුධ සමාගම් රැුසක නම් තිබුණි.

විශේෂ ස්තූතිය - දුටුගැමුණු, එළාර , විමල් වීරවංශ, චම්පික රණවක, නලින්ද සිල්වා, කරුණා, පිල්ලෙයාලන්, දේශීය විදේශීය භඨධ ඇතුළු තවත් බොහෝ........... (ඔබටද මෙහි එකතු විය යුතු නම් සටහන් කළ හැක)

මගේ සටහන (වැඩිහිටියන්ට පමණයි)

සජීවි අත් කකුල් අහිමිවන වීඩියෝ පට මෙන්ම ජාතික රූපවාහිනි සමන් කුමාර රාමවික‍්‍රම ගෙන එන සජීවී යුද්ධ නිසා වින්දනය ලද මට මෙය එතරම් ත‍්‍රාසජනක වීඩියෝ පටයක් වූයේ නැත. එහෙත් උපතින්ම වලත්තයෙකු වූ මට හට මෙම වීඩියෝව පළමුවර නැරඹීමේ දී යම් රිද්මයක ඉගියක් ලැබීමි. මදක් Rewine හා Pause කරමින් බැලූ විට එහි රිද්මය හොදින් අල්ලා ගැනීමට අපහසු නොවීය. එතැන් පසු මාගේ පරිකල්පනයට (Imagination) හොද වස්තු බීජයක් සැපයූ මෙම වීඩියෝව මෙතෙක් කලක් භාවිතා කළ නිල් චිත‍්‍රපට වෙනුවට හොද ආදේශකයක් විය. එපමණක් නොව එය වින්දනයද උපරිම කළේය. ඔබත් මෙය නැවත වරක් කියවා මා ලද ප‍්‍රයෝජනය ලබා ගත හැකි දැයි උත්සාහකරන්න. එය ලබා ගත නොහැකි නම් එය මගේ වරදක් නොව ඔබේ පරිකල්පනයේ වරදක් බවද මතක තබාගන්න.

ඒ වෙනුවෙන් පුංචි උදව්වක් පහත ප‍්‍රස්තාරය තුලින් ලබා ගනු ඇතැයි අපේක්ෂා කරමි.

-සංඛ කිරිදිවැල-

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


නම නැතුව කුණුහරුප ලියන වීරයන්ට-
පුළුවන්නම් නම එක්ක ලියන්න. නම එක්ක කුණුහරුපයක් කියන කෙනෙකුට අපි මහින්ද රාජපක්ෂගෙ ලොකු කරපු පින්තූරයක් තෑගි දෙනවා රාමු කරලා ඇඳ ගාව ගහගන්න.
ඔට්ටුද?

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

මෙය අපට ලැබුන Fw Mail එකක් බව සලකන්න.
බෙදා ගනු පිණිසයි

මෙතන කොටන්න.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

Source : http://www.lankanewsweb.com/news/2009_05_06_001.html

විමල් වීරවංශ සමග ප්‍රභාකරන් හමුවන්නට මඩකලපුවට ගිය අවස්ථාවේදී ප්‍රභාකරන් විසින් තමන්ට ලබා දුන් රත්‍රං පවුම, නෝනාට පෙන්නන්න ඕනෑ යැයි කියමින් තමන්ගෙන් ඉල්ලාගෙන ගිය වීරවංශ ආපසු එය තමාට බාර දුන්නේ නැතැයි වික්‍රමබාහූ කරුණාරත්න ප්‍රකාශ කර සිටියි.

ඒ මහතා මෙම ප්‍රකාශය කළේ, විමල් වීරවංශ විසින් පසුගිය දිනක ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රභාකරන් වික්‍රමබාහුට රත්‍රං පවුමක් ලබාදුන් බවට කළ ප්‍රකාශය ගැන අප වෙබ් අඩවිය විසින් වික්‍රමබාහු ගෙන් කළ විමසීමකට පිලිතුරු දෙමිනි.
විමල් වීරවංශ අපිත් එක්්ක එකතුවෙලා වැඩ කරන කාලේ මිනිහා නිතර නිතර අපේ කාර්යාලයට ආව ගියා.
ඒ කාලේ මිනිහා හොද ළමයා නිසා ප්‍රභාකරන් කිව්වා මේ ළමයවත් එක්ක ගෙන මාව බලන්න එන්න කියලා. ඒ නිසා තමයි මම මෙයාව ප්‍රභාකරන් ගාවට අරන් ගියේ. එදා එයා ඉස්සරහදිම ප්‍රභාකරන් මට ලබා දීපු රත්‍රං පවුමට මිනිහට හුගක් ආස හිතුණා. දවස් කිහිපයකට පස්සේ ඇවිත් එයාගේ නොනටත් මේ පවුම බලන්න හරි ආසයි කියලා ඒක මගෙන් ඉල්ලගෙන ගියා.

දැන් විමල් වීරවංශ මහින්ද රාජපක‍ෂත් එක්ක එකතුවෙලා. හැම තිස්සෙම එයා ගාව ඉන්න නිසා අපිට මුණ ගැහෙන්නේ නැහැ. අනික මිනිහා දැන් හොදටම නරක් වෙලා නිසා ආශ්‍රය කරන්නත් අමාරුයි. ඒ නිසා අරන් ගිය රත්‍රං පවුම ආපහු ඉල්ලගන්න බැරිවයි මම ඉන්නේ. මේ දවස් වල එයාගේ නොනා මේ පවුම රෑට රෑට අත ගගා ඉන්නවා කියලයි ආරංචි. යැයිද වික්‍රමබාහු වැඩිදුරටත් පැවසීය.

-LankaNewsWeb.com

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

වෙඩි වැදුණු බග-සඳ

පුපුරයි
බෝම්බ තව තවත් පුපුරයි
තාරකාවෝ මියයත්
තුවක්කු වෙඩි උණ්ඩයෙන්,
අහස් ගැබ සිදුරුව
වෙඩි උණ්ඩ වර්ෂාවෙන්
වැරහැලිව එල්ලෙයි
හඳත් සමහර විට....
ඔව්.... අද හෙටම....

සෝලෙයි කිලි නම් ශ්‍රී ලාංකික දමිළ කවියාගේ් නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍ය ඛණ්ඩයෙන් වැඩි ප්‍රතිශතයක් පරිකල්පනයෙන් නිම වී තිබිණැයි එය කියවූ මුල් දිනවල මට සිතිණ. කවියා ළයෙහි ඇනුණු හුලක් ඇතියෙන්, තියුණු සංවේදිතාවෙන් යුතුව යුද්ධයේ් බිහිසුණුකම් උත්කර්ෂයට නඟන බැව් මගේ් අදහස විය.
එහෙත් සැබැවින්ම එය එසේ් නොවීය. ඒ කවියා දුටු අහස, ඒ තාරකා මෙන්ම ඒ සඳ ද එකී තර්ජනයට ලක්වන අයුරු දෑසින්ම දැක ගන්නට තරම් මම ද අභාග්‍යසම්පන්න වීමි.

( මින් අනතුරුව රත්න ශ්‍රී ලියා ඇත්තේ් ඔහු මුහුණ පෑ ඒ බිහිසුණු සිදුවීමය. එය අද අප ඉඳ හිට කොළඹදී මුහුණ දෙන උතුරේ වැසියන් හැම තත්පරයකම මුහුණ දෙන යුද්ධයේ මොහොතයි. අවසන රත්න ශ්‍රී මෙසේ කියයි. )

රත් පෑ දළු සලමින් ළඟ එන වසන්තයට සිනාසෙමින් සිටි අඹ ගසේ් විටප අතරින්, කලා සපුරමින් සිටි සඳවත යළිඳු පෙනිණ. එවෙලේ් ඈ වටා තරු කැකුළු පිපෙන්නට තැත් කරමින් තිබිණ. එහෙත් වෙඩි හඩ ද කුරිරු මරණය ද හඳ තරු නාඳුනන්නේ්ය. අහිංසක සරාසඳ-- භාග්‍යය රැගෙන එමින් සිටි ඕ බෝම්බයෙන් ද, තුවක්කුවෙන් ද තුවාල ලබා සිටියාය.

ගහක් ගලක් මෙන් ළෙව් පපු කම් නොමැති
ඉරක් නම් ළඟට කිසිවෙක් ළං නොවෙති
දුකක් මුත් මටත් නුඹටත් කුරිරු ගති
නුඹත් එහෙම වෙනවාටයි මම කැමති

හඳට වෙඩි තබන්නට අත ඔසවන මිනිසාට ලොව විසකුරුම සර්පයා පවා පෙම් බඳිතැයි සිතන්නට බැරිය. සියළු දේ් ගින්නට බිළිවෙමින් තිබේ. දවසම රාත්‍රිය බවට පත්වෙයි. ඒ රැය කවීන්ට පවා නොතේ්රෙයි. ජයගරන් නම් කවියා 1989දී පාර්වයි (දැක්ම) නමින් ලියූ කවියක ඛණ්ඩයක් මෙබඳුය : ඒ ඔහු තේ්රවිල්ල තෝරන හැටිය.

රැයේදී සියළු දේ සිදුවෙයි
අරුණෝදයේ් දිස්වෙයි.
අවසන් ද නුඹෙ යුගය,
සිනා සිසී ගතවුණ?
මිනිසත්කමේ නාමයෙන්
දවසක් උදාවේද?
පළමුවන බිල්ල වූ
සහෝදරයා කවුරුද
අවසාන බිල්ල වන
සහෝදරයා කවුරුද?

ලස්සනම අහස හා මතක සිතිවිලි - රත්න ශ්‍රී විජෙසිංහ

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


අලූත් රතුපස් ගොඩ ළග
නැඹුරුව සෙමෙන් දණ ඇන
එල්ලා වැටෙන කලිසම
එකතකින් හීලෑ කර
එල්ලයි බකට් පහන
දරුවා ඇසක් පිසිමින
තාත්තාගේ තනියට

මතක පිටු පෙරළේ
බුද්ධාගම් පොතේ
කුසිනාරා නුවර
උපවර්තන සල්උයන
පිරිණිවන් මංචකය
වැළපෙන අනඳතෙර

හඩා වැළපී රතුවුණ
අවර දිග අහස් ගොංගොඩ
ජනේලයෙන් එබී බලනා
වැන්දඹු වෙසක් සඳවත

රත්න ශ්‍රී විජේසිංහ
මධ්‍යම යාමය

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
|
|

අම්මට සිරි! පාල


සැරද සිරිපාල
චන්දෙන් දිනපු මෝරා
ඒ සුබ මඟුල් දා
මෙසේ කිව්වා උගුර පාදා

"බස්නාහිර බත් කන ජනතාව ඉන්නේ 70%ක් විතරයි. අනික් අය කන්නේ තණකොල"

බස්නාහිර වෙල් යායක කකා උනී
සේරම ගොන්නු වලිගය නැතුව වැනි වැනී
වලිගය ඇති ගොනා කොඩියට ළං වුනී
පුරවැසිකොමත් වලිගය නැති ගොනා වැනී

ඩෝං පුතා

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

-YouTube Awards 2007 - Top Six Finalist, Best Short Film
-WINNER: Fitzroy Short Film Festival (Melb, Aus)
-WINNER: DearCinemaFest Short Film Festival (Int.)
and more...

Mr Roberts finds himself awoken inexplicably in a white room. A man sits before him at a desk and in between them stands a black button. If Mr Roberts pushes it, he will receive a briefcase filled with millions of dollars. Or he can take the key to the door and leave penniless. The catch? Pushing the button will result in the death of a human being. What would you do?

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|

In a society where everyone has the ability to fly, the citizens
anchor themselves to the ground via "gravitation boots". Devoid of sunlight and the open sky, the members of society go about their routine without any hope of personal gratification. One day, however, a man decides he has had enough attempt to challenge the status quo.
He quits his job, loosens his bindings, and literally takes off.

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|


සුබ්‍රමනියම් සිවනායගම් විසින් රචිත මේි කතුවැකි මුල් වරට පල වුයේ ඉංග්‍රීසියෙන් යාපනයේ සතිපතා මුද්‍රිත සැටඩේ රිවිව් (Saturday Review) පුවත්පතේය. ඒ ජේ.ආර්.ජයවර්ධන කාලයේ මර්දනය විසින් 1983දී එම පුවත්පත තහනම් කරන ලදුව කතුවරයා දේශපාලන සරණාගතයකු ලෙස ඉන්දියාවට පළා යාමට පෙරාතුවය. ෙජ්.ආර් පාලන සමයේ උතුරු නැගෙනහිර ජනතාව අත්විඳි පීඩාවත් එයින් උපන් දෙමළ විමුක්ති කාමයේ දේශපාලන දිශානතියත් දකුණ දිසාවේ මාධ්‍යවේදීන් වූ අපට පහදා දුන්නේ එම පුවත්පතයි.

තහනමින් පසුව එස්.සිවනායගම් ලංකාව හැර ගියත් දමිළ ජාතික ගැටලූව නන් අයුරින් ලෝකයා හමුවේ විදහා දැක්වීමට ඔහු ටැමිල් නේෂන්, ටැමින් ටයිම්ස්, ටැමිල් වොයිස් ඉන්ටර් නැෂනල් හා හොට් ස්ප්‍රිං යන සඟරා මදුරාසියෙන්ද, ලන්ඩනයෙන්ද එළි දැක්වුයේ දහසක් ගැහැට මැදය.

ජාතික ආරක්ෂක පණත යටතේ වසරක කාලයක් ඉන්දියාවේ සිරබත් කෑම එයින් එකක් පමණි. දේශපාලන සරණාගතයකු ලෙස මහාද්වීප කීපයකම වසරින් වසර දිවි ගෙවන්නට සිදුවූ මේ කතු විරුවාට දේශපාලන රැකවරණ ලැබුණේ නිජබිමින් පිටුවහල් වී දශකයකටත් වැඩි කාලයකට පසුවය.

සැටඩේ රිවිව් කතු කම දරන්නට යාපනයට යන්නට කලින් සිවනායගම් කොළඹින් පළ කළ සිලෝන් ඩේලි නිව්ස් හා සිලෝන් ඩේලි මිරර් යන ඉංග්‍රීසි පුවත්පත් දෙකේම කර්තෘ මාණ්ඩලිකයකු විය.

දැන් ප්‍රංශයේ ජීවත්වන එස් සිවනායගම් සියවස් කාලකට ඉහතදී ලියු මේ කතුවැකි වල එන දෙමළාට දෙමළ වීම නිසාම මුහුණ පාන්නට වී ඇති ගැටලූ අදවත් විසැඳි ඇති දැයි කියවාම බලන්න.


1- අත්හැර දමනු ලැබූ කල්හි - 1982 පෙබරවාරි 6

කොළඹ පළ කැරෙන ඉරිදා පුවත් පතක විමතිය දනවන පුවතක් විය.

මහනුවර සහ ගාල්ල යන නගර වලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු සැලසෙමින් පවතී.
මේ පියවර ගනු ලබන්නේ දුර බැහැර පළාත් වල සිට කොළඹට පැමිණෙන පොදු මහජනතාවට සිදුවන අපහසුතාව අවම කරනු වස් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම විමධ්‍යගත කිරීමට රජය ඉකුත් සතියේ ගත් තීන්දුවෙන් අනතුරුවයි.

ශ්‍රී ලාංකිකයන් ලක්ෂයකට බටහිර ආසියාවේ රැකියා ප්‍රස්ථා සලසා දෙන ලෙස ජනාධිපතිවරයා කම්කරු ඇමැතිවරයාගෙන් ඉල්ලා ඇති අතර ඔවුන්ගේ ගමන් කරදාසි කරදර රහිතව ලබා දීම කෙරේ රජයේ අවධානය යොමුව පවතී.

අප එම වාර්තාව දෙවතාවක්ම කියැවුයෙමු. නැත. යාපනය හෝ මඩකලපුව හෝ ගැන කිසිදු සඳහනක් එහි නැත. රජයේ තීන්දුවට පිටුදුන් කල්පනාව කුමක්ද? බැලූ බැල්මටම පෙනී යනු ඇත්තේ යාපනය දුර බැහැර පළාතක් නොවන බවයි. එහෙත්, කොළඹ සිට මහනුවර හා ගාල්ල යන දෙනුවරම කිලෝමීටර 116ක් දුරින් ද මඩකලපුව කිලෝමීටර 303 ක් හා යාපනය කිලෝමීටර 396ක් දුරින් ද පිහිටා ඇති කල එසේ වන්නේ කෙසේද? පොදු මහජනතාවට සිදුවන අපහසුතාව අවම කිරීම, කල්පනාව නම්, යාපනයේ හා මඩකලපුවේ වෙසෙන්නෝ පොදු මහජනතාව නොවෙත්ද? උනට විදේශ ගමන් බලපත්‍ර අවශ්‍ය නැති ද? එසේත් නැතිනම් දෙමළ මහජනතාවගේ අපහසුතා අවම කිරීම හෝ ඔවුනට බටහිර ආසියානු රැකියා සම්පාදනය හෝ තමන්ගේ යුතුකමක් නොවෙතැයි ආණ්ඩුව සිතාද? එසේත් නැතිනම් ආණ්ඩුව සිතන්නේ යාපනයේත් මඩකලපුවේත් ජනතාවට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම වෙනත් රාජ්‍යයක වගකීමක් කියාද?

නො එසේ නම්, මැරයන්ගේත්, නිළ ඇඳුම් ලා නොගත් නා නා විධ එවුන්ගේ කොල්ල කෑම්, හිංසා, පීඩා ආදියට ලක්වීමේ අවදානම තිබියදීත් තදබද වූ මැදිරි තුළ ගාල්වී සතියක් සතියක් පාසාම සැතපුම් 500ක් දුර ගෙවන සිය ගණනක් යාපන මහජනතාව ලංකා දුම්රිය දෙපර්තමේන්තුවට ලබා දෙන ආදායම යාපනයේදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම මගින් අහිමි වී යනු ඇතැයි ආණ්ඩුව සිතා ද?

කොයි අතින් බැලූවත් සමස්ත කාරණයම ගන්දස්සාරයෙන් පිරී පවතින්නකි. ආණ්ඩුවේ ක්‍රියා කලාපය සහ සිතුවිල්ලම උතුරේ සහ නැගෙනහිර දෙමළා බැහැර කර ලීමක් වූ කල ඔවුන් ඇතුලත් කොට ගෙන ඇතැයි අඬහැර පෑම තර්කානුකූල වේද? ආණ්ඩුව ස්වකීය පුරවැසියන් අතුරින් එක් කොටසක උවමනා එපා කම් ගැන සැලකිල්ලක් නැති කල කොටින් ගැන කතා කිරීමේත්, ඊළාම් අවතාරයක් ගැන හඬා වැලැපීමේත්, තර්ක න්‍යාය කුමක්ද?

වෙන්ව සිටින බවට ජනතාව තුළත් බේද වී සිටින බවට රට තුළත් තිඛෙන හැගීම දුර්මුඛ කරන්නට ඇති එකම බුද්ධි ගෝචර විධි ක්‍රමය වන්නේ සෑම ජන කොටසක්ම එකම ජාතියකට අයත් බවට විශ්වාස කිරීමේ මග පාදා ලීමයි. තමන්ටද අයිතිය ඇතැයි යන හැඟීම අහිමි කිරීම තරම් වේදනා ගෙන දෙන තවත් දෙයක් මනුෂ්‍යයකුට නැත.

රටේ කොටසක් යටත් විජිතයක් ලෙසින් පාලනය කිරීමේ මග වැටී ඇත්තේ එක් අන්තයකට පමණි. කවර කවදා හෝ සකල යටත් විජිත සහ අධිරාජ්‍ය කෙළවර වන අන්තයටම පමණි.

සිංහලට නැගුවේ-
යමුනා බණ්ඩාර

මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
|
Related Posts with Thumbnails